slc
logo
Home   |    News
ජූලි 26, 2026
උපාලි ධර්මදාස මහතාගේ අභාවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශෝකය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය බලවත් ශෝකය පළ කර සිටියි.

ක්‍රිකට් පරිපාලනය තුළ දශක ගණනාවක් පුරා කැපී පෙනෙන සේවාවක් ඉටු කළ ධර්මදාස මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති, සභාපති මෙන්ම අන්තර්කාලීන කමිටුවේ සභාපති ලෙසද කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.

ඔහුගේ දූරදර්ශී නායකත්වය, කැපවීම සහ නොපසුබස්නා සේවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ශක්තිමත් කිරීමේ මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනට මඟ පෙන්වීමේ කාර්යභාරයක්ද ඔහු ඉටු කළේය.

උපාලි ධර්මදාස මහතා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් ඉටු කළ අනර්ඝ සේවාව අගය කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සමස්ත ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රජාව ඔහුගේ අභාවය පිළිබඳ බලවත් සංවේගය පළ කරන අතර, ශෝකයට පත් පවුලේ සාමාජිකයන් වෙත සිය ගෞරවනීය කෘතඥතාව පළ කරයි.

එමෙන්ම, මෙම දැඩි ශෝකයේ මොහොතේදී, අභාවප්‍රාප්ත උපාලි ධර්මදාස මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත අපගේ බලවත් සංවේගය සහ හෘදයාංගම ශෝකය පිරිනමන්නෙමු.

එතුමාට ගෞරවයක් වශයෙන්, 2026 ජූලි 26 වැනි ඉරිදා දින රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරග සඳහා සහභාගී වන සියලු ක්‍රීඩකයන් කළු අත් පටි පැළඳ තරග වැදීමට නියමිතය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee