සායි සුදර්ශන්ගේ ශතකයත්, දෙව්දත් පඩික්කාල්ගේ ලකුණු 94 ක ඉනිම සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ නොබිඳුණු ලකුණු 181ක සබඳතාවත් හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට එරෙහි දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (03 දා) අවසන් වන විට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමේ වාසිය කරා වේගයෙන් ළඟා විය.
දෙවැනි දිනයේ ක්‍රීඩාව නිමාවන විට ඉන්දීය ‘ඒ’ කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 247ක් රැස් කර සිටි අතර සායි සුදර්ශන් ලකුණු 104ක් සහ දෙව්දත් පඩික්කල් ලකුණු 94ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු 366ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම තවත් ලකුණු 119ක් පමණක් පසුපසින් තැබූහ.
ඉන්දීය පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබා ගත් අතර සායි සුදර්ශන් සහ අමන් මෝඛාඩේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 63කින් ලකුණු 50ක සබඳතාවක් ගොඩනඟා ගත්හ. එම සබඳතාව ලකුණු 66දී බිඳ වැටුණේ කේෂර නුවන්තගේ දඟ පන්දුවකට මෝඛාඩේ ලකුණු 38කට දැවී යෑමත් සමඟිනි.
කෙසේ වෙතත් එතැන් සිට පිටියට එක් වූ දෙව්දත් පඩික්කල් සමඟ සායි සුදර්ශන් ඉවසීමෙන් සහ නිරවද්‍ය පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ. දෙදෙනාම පියවරෙන් පියවර ලකුණු රැස් කරමින් ඉන්දීය කණ්ඩායම සාර්ථක ස්ථානයකට රැගෙන යාමට සමත් වූහ.
මීට පෙර දිනයේ අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 288ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දෙවැනි දිනයේ සිය ඉනිම ඉදිරියට ගෙන ගියේ නායක සහන් ආරච්චිගේගේ නොදැවුණු ලකුණු 83 මතය. හතරේ සීමාවෙන් එළියට පන්දුව යැවීමට සල්සවින් වමත් පිතිකරුවා සිය ශතකය සම්පූර්ණ කළ අතර කමිඳු ගුණසේකර (13) සමඟ හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක සබඳතාවක්ද, දිලුම් සුදීර (20) සමඟ අටවැනි කඩුල්ල වෙනුවෙන් වටිනා සබඳතාවක්ද ගොඩනඟා ගත්තේය.
අවසානයේ සහන් ආරච්චිගේ ලකුණු 127කට දැවී ගිය අතර අවසන් පිතිකරු අසංක මනෝජ්ද ඊළඟ පන්දුවලින් දවාලමින් ගර්නූර් බ්‍රාර් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ලකුණු 366කට සීමා කළේය. 30 හැවිරිදි වියේ පසුවන සහන් ආරච්චිගේ අද රැස් කරගන්නා ලද්දේ ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 9 වැනි ශතකය විය. පන්දු 207 කට මුහුණ දුන් සහන් තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින් සරසාගෙන තිබිණ.
ඉන්දීය ‘ඒ’ වෙනුවෙන් ගර්නූර් බ්‍රාර් සහ සරන්ෂ් ජේන් කඩුලු 4 බැගින් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනුණහ.
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 366 කදී ලකුණු 366 යි – (සහන් අරච්චිගේ 127, නුවනිඳු ප්‍රනාන්දු 44, අංජල බණ්ඩාර 42, පවන්ත වීරසිංහ 39, අශේන් බණ්ඩාර 34, සෝහන් ද ලිවේරා 28, චාමික ගුණසේකර 13, කේෂර නුවන්ත 01, දිලුම් සුදීර 20, දුලාජ් සමුදිත 02*, අසංක මනෝජ් 04, යෂ් තාකූර් 46/2, සරන්ෂ් ජේන් 92/4, ගුර්නූර් බ්‍රාර් 77/4)
ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 63 කදී කඩුල්ලක් දැවී ලකුණු 247 යි – (සායි සුදර්ශන් 104*, අමන් මඛෝඩේ 38, දෙව්දත් පඩික්කාල් 94*, කේෂර නුවන්ත 63/1)





