slc
logo
Home   |    News
ජූලි 15, 2026
එස්.එස්.සී. සහ කුරුණෑගල යූත් පළමු දිනයේ ආධිපත්‍ය පතුරුවති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (15) නිමාවට පත් වූ පළමු දිනයේදී එස්.එස්.සී. සහ කුරුණෑගල යූත් කණ්ඩායම් ප්‍රතිවාදීන්ට එරෙහිව ප්‍රබල ආධිපත්‍යයක් ගොඩනගා ගැනීමට සමත් වූහ.

කුරුණෑගල යූත් සහ නුගේගොඩ අතර පැවැත්වෙන තරගයේදී පළමුව පන්දුවට පහරදුන් කුරුණෑගල යූත් කණ්ඩායම පන්දුවාර 79.4කදී සියලු දෙනා දැවී ලකුණු 341ක් රැස් කළේය. එහිදී හිරූෂ පියුමාල් ලකුණු 123ක් සහ ලක්වින් අබේසිංහ ලකුණු 155ක් රැස් කරමින් දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගූහ.

පන්දු යැවීමේදී නුගේගොඩ කණ්ඩායම වෙනුවෙන් බ්‍රයන් හංසජ කඩුලු 6ක් දවා ගත්තද ඒ සඳහා ලකුණු 106ක් වැය විය. සඳුන් මෙන්ඩිස් ද කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 106ක් ලබා දෙමිනි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ නුගේගොඩ කණ්ඩායම පළමු දිනය අවසන් වන විට පන්දුවාර 8කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 37ක් ලබා සිටියේය. අභිෂේක් ජයවීර නොදැවී ලකුණු 10ක් සහ සඳුන් මෙන්ඩිස් නොදැවී ලකුණු 12ක් ලබා සිටිති.

මේ අතර, එස්.එස්.සී. සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගයේදී පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී. කණ්ඩායම පන්දුවාර 61කදී ලකුණු 261කට සීමා විය. රිවිත් ජයසූරිය ලකුණු 58ක් රැස් කළ අතර නෙත්සර යස්මිිත ලකුණු 49ක්, නදීෂ අකාෂ් ලකුණු 44ක් සහ යොහාන් දේවප්‍රිය ලකුණු 37ක් ලබා කණ්ඩායම ශක්තිමත් කළහ.

කැන්ඩි කස්ටම්ස් වෙනුවෙන් තෙනූෂ නිම්සර ලකුණු 108කට කඩුලු 6ක් දවා ගනිමින් කැපී පෙනුණු අතර පුල්ජිත් වත්සුක කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම පන්දුවාර 20.5කදී ලකුණු 69කට දැවී ගියේ එස්.එස්.සී. පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හමුවේය. දිනුක වන්නිආරච්චි ලකුණු 16කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ වීරයා බවට පත් වූ අතර මල්ෂ ප්‍රනාන්දු කඩුලු 3ක් සහ කනිෂ්ක රංගන කඩුලු 2ක් දවා ගත්හ.

ඒ අනුව පළමු දිනය අවසන් වන විට එස්.එස්.සී. කණ්ඩායම කැන්ඩි කස්ටම්ස්ට එරෙහිව ලකුණු 192ක පළමු ඉනිමේ වාසියක් අත්කරගෙන සිටියේය.

කුරුණෑගල යූත් සහ නුගේගොඩ

කුරුණෑගල යූත් පළමු ඉනිම පන්දුවාර 79.4 කදී ලකුණු 341 යි – (හිරූෂ පියුමාල් 123, ලක්වින් අබේසිහ 155, වතිල උදාර 18, බ්‍රයන් හංසජ 106/6, සඳුන් මෙන්ඩිස් 106/4)

නුගේගොඩ පළමු ඉනිම පන්දුවාර 8 කදී කඩුල්ලක් දැවී ලකුණු 37 යි – (ළහිරු දවටගේ 15, සඳුන් මෙන්ඩිස් 12*, අභිෂේක් ජයවීර 10*)

එස්.එස්.සී. – කැන්ඩි කස්ටම්ස්

එස්.එස්.සී. පළමු ඉනිම පන්දුවාර 61 කදී ලකුණු 261 යි – (රිවිත් ජයසූරිය 58, නදීෂ අකාෂ් 44, නෙත්සර යස්මිිත 49 කෙනුල ද සොයිසා 19, යොහාන් දේවප්‍රිය 37 නෙශාන් ඩයස් 24, තෙනූෂ නිම්සර 108/6, පුල්ජිත් වත්සුක 11/2)

කැන්ඩි කස්ටම්ස් පළසු ඉනිම පන්දුවාර 20.5 කදී ලකුණු 69 යි – (හෙලිත් එදිරිසිංහ 24, හසිඳු වික්‍රමාරච්චි 19, දිනුක වන්නිආරච්චි 16/5, මල්ෂ ප්‍රනාන්දු 34/3, කනිෂ්ක රංගන 17/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee