slc
logo
Home   |    News
ජූලි 23, 2026
කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී කලම්බු කැප්ස් කණ්ඩායම ජනිත් ලියනගේගේ නොදැවී වාර්තා කළ අර්ධ ශතකය සහ මුජීබ් උර් රහ්මාන් දවා ගන්නා ලද කඩුලු 3 ත් වැඩි වාසියට හිටියහ.

කාසියේ වාසිය දිනාගත් කැන්ඩි රෝයල්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. අඛණ්ඩව අසාර්ථක ඉනිම් කිහිපයකින් පසු යළිත් ලකුණු අතරට පිවිසි රොබින් හර්මන් කලම්බු ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දෙමින් සිය මංගල LPL අර්ධ ශතකය වාර්තා කළේය. කෙසේ වෙතත්, සෙසු ඉහළ පෙළ පිතිකරුවන්ට එම ආරම්භය දිගු කිරීමට නොහැකි වූ අතර, කලම්බු කණ්ඩායම එක් අවස්ථාවකදී කඩුලු 5ක් දැවී ලකුණු 102ක් ලෙස අසීරු තත්ත්වයකට පත්විය.

එම අවස්ථාවේදී වගකීම භාරගත් ජනිත් ලියනගේ පන්දු 33කින් නොදැවී ලකුණු 52ක් රැස් කළ අතර, ජේම්ස් නීෂම් ලකුණු 24ක් සහ බිනුර ප්‍රනාන්දු ලබාදුන් වේගවත් දායකත්වයත් සමඟ කොළඹ කප්ස් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 192ක් රැස් කළේය.

කැන්ඩි රෝයල්ස් වෙනුවෙන් දුෂාන් හේමන්ත, මොයින් අලි සහ ෂහීන් අෆ්රිඩි කඩුලු දෙක බැගින් දවා ගත්හ.

ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කැන්ඩි රෝයල්ස් ඉනිම ආරම්භයේ සිටම අඩාල වූ අතර, මුජීබ් උර් රහ්මාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පළමු පන්දුවාර 10 අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 77ක් පමණක් ලබා සිටියේය.

ඩේල් ෆිලිප්ස් ලකුණු 38ක් ලබා සිටියදී ජේම්ස් නීෂම්ගේ පන්දුවකට දැවී යෑමත් සමඟ රෝයල්ස් කණ්ඩායම තවත් අසීරු තත්ත්වයකට ඇද වැටුණි. කෙසේ වෙතත්, විජය ශංකර් සහ ඇන්ජලෝ මැතිව්ස් හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 49ක සබඳතාවක් ගොඩනඟමින් යම් සටනක් ලබා දුන්හ.

විජය ශංකර් පන්දු 23කින් වේගවත් ලකුණු 30ක් රැස් කළ අතර, පළමු ඉනිමේ පළමු පන්දුවාරයේදී පන්දු තුනක් පමණක් යවා ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගිය ඇන්ජලෝ මැතිව්ස් අනතුරුව අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 24කින් නොදැවී ලකුණු 39ක් රැස් කළේය. එහෙත්, සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඔහුට නොහැකි වූ අතර, මෙම පරාජයත් සමඟ කැන්ඩි රෝයල්ස් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට ඇද වැටුණි.

ලකුණු සාරාංශය

කලම්බු කැප්ස් – කඩුලු 9ක් දැවී 192 (පන්දුවාර 20)
රූබින් හර්මන් 53, ජනිත් ලියනගේ නොදැවී 52, ජේම්ස් නීෂම් 24, දුෂාන් හේමන්ත 20/2, මොයින් අලි 31/2, ෂහීන් අෆ්රිඩි 34/2

කැන්ඩි රෝයල්ස් – කඩුලු 8ක් දැවී 169 (පන්දුවාර 20)
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 39, ඩේල් ෆිලිප්ස් 38, විජය ශංකර් 30, මුජීබ් උර් රහ්මාන් 34/3, ජේම්ස් නීෂම් 7/1, වනුජ සහන් 24/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee