slc
logo
Home   |    News
ජූලි 16, 2026
පිතිකරුවන්ගේ ආධිපත්‍යය මැද ගාල්ලේ යොවුන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොර වෙයි

sinhala editor

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු යොවුන් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ මුල් දින දෙක තුළ සෙනුජ වෙකුණගොඩගේ ද්විත්ව ශතකය හේතුවෙන් තරගයේ පාලනය ශ්‍රී ලංකාව සතුව තිබුණද” තෙවැනි හා සිව්වැනි දිනයේ ඉන්දීය පිතිකරුවන් දැක්වූ විශිෂ්ට පිතිහරඹය තරගයේ ගමන්මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළේය.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී ලකුණු 424ක් රැස් කිරීමෙන් අනතුරුව පිටියට පිවිසි ඉන්දීය යොවුන් පිල කඩුලු සියල්ල දැවී ලකුණු 576ක් රැස් කරමින් ලකුණු 152ක පළමු ඉනිමේ වාසියක් ලබා ගත්තේය.

එහිදී ආරම්භක පිතිකරු ලක්ෂ්‍ය රයිචන්දනී ලකුණු 207ක විශිෂ්ට ද්විත්ව ශතකයක් රැස් කළ අතර, සාගර් විර්ක් ලකුණු 134ක් සහ මනව් ක්‍රිෂ්ණා ලකුණු 100ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලතේන්ද්‍ර ආකාශ් ලකුණු 66කට කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනුණි.

ලකුණු 152ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් දිනයේදී වේගවත් පිතිහරඹයක නිරත විය. ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා වේගවත් ලකුණු 72ක් රැස් කළ අතර, කවිජ ගමගේ ලකුණු 51ක් ලබා ගනිමින් අර්ධ ශතකයක් වාර්තා කළහ. චාමික හීනටිගල නොදැවී ලකුණු 21ක් ලබා සිටියදී තරගය නතර කෙරිණි.

ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 178ක් ලබා සිටියදී ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව දින හතර පුරා පැවැති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරගයේ විශේෂත්වය වූයේ කණ්ඩායම් දෙකම එක්ව ලකුණු 1,178ක් රැස් කළ අතර, පිතිකරුවන් සිව් දෙනෙකු ශතක වාර්තා කිරීමයි. සෙනුජ වෙකුණගොඩගේ වාර්තාගත ලකුණු 233 සහ ලක්ෂ්‍ය රයිචන්දනීගේ ලකුණු 207 මෙම තරගයේ කැපී පෙනෙන ඉනිම් දෙක බවට පත්විය.

දෙරට අතර දෙවැනි සහ අවසන් යොවුන් ටෙස්ට් තරගය ජූලි 20 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු පන්දුවාර 1064 කදී ඉනිම කඩුලු 9ක් දැවී 424 – (සෙනුජ වැකුණගොඩ 233, විමත් දින්සර 52, කවිජ ගමගේ 49, චාමික හීනටිගල 45, ඔෂද මනහර 31*, කාව්‍යා පරේෂ් 67/2, ජෙගනාතන් හේමචුදේශන් 107/3, ප්‍රියන්ෂු සිං 66/3)

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 173.5 කදී සියලු දෙනා දැවී ලකුණු 576 යි – (ලක්ෂාය රායිචන්දනී 207, සාගර් වර්ක් 134, කුශාග්‍රා ඕජා 24, යෂ්බධාන් චෞහාන් 06, කුෂ් පටෙල් 42, මානව් ක්‍රිෂ්ණා 100, කව්‍යා පටෙල් 08, ජේ. හේමචුදේශන් 00, බී.කේ. කිෂෝර් 23, පි්‍රයන්ෂු සිං 01, ප්‍රනාව් රාගවේන්ද්‍ර 02*, ලතේන්ද්‍ර ආකාශ් 66/3, කවීජ ගමගේ 117/2, දිමත් අබේසිංහ 142/2, චාමික හීනටිගල 87/1, රමිරු පෙරේරා 40/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee