slc
logo
Home   |    News
ජූලි 3, 2026
වෙනස්කම් කීපයක් සමගින් ශ්‍රී ලංකා පිල කොදෙව්වන්ට එරෙහිව දෙවැනි අභියෝගයට

sinhala editor

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නව චක්‍රය සාර්ථක ආරම්භයක් සමඟින් විශ්වාසය යළි ගොඩනඟා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පළමු ටෙස්ට් තරගයේ දැඩි පරාජයෙන් පසු නැවතත් නැගී සිටීමට උත්සාහ කරන ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුවාවේ නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

පළමු ටෙස්ට් තරගයේදී ඉනිමකින් සහ ලකුණු 67ක දැවැන්ත ජයක් වාර්තා කළ කොදෙව්වෝ පසුගිය ටෙස්ට් තරග අටෙන් හතක්ම පරාජයට පත්ව තිබූ අසීරු කාලපරිච්ඡේදයකට තිත තැබීමට සමත් වූහ. එම ජයග්‍රහණය නව නායක රොස්ටන් චේස්ගේ නායකත්වය යටතේ තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමේ විශ්වාසයටත් විශාල ශක්තියක් වී තිබේ.

කොදෙව් ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වූයේ අමීර් ජැන්ගූ සහ නායක රොස්ටන් චේස් අතර ගොඩනැගුණු දැවැන්ත සබඳතාවයයි. ඊට අමතරව අල්සාරි ජෝසප්, කෙමාර් රෝච්, ජේඩන් සීල්ස් සහ ශමාර් ජෝසප්ගේ වේගපන්දු ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ.

මේ අතර ආබාධයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගය අහිමි වූ ෂායි හෝප් දෙවැනි ටෙස්ට් තරගයට නැවතත් එක්වීමට සූදානමින් සිටී. කෙසේ වෙතත් ඔහු වෙනුවට අවසන් මොහොතේ කණ්ඩායමට කැඳවනු ලැබූ අමීර් ජැන්ගූ සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කරමින් ස්ථානය තහවුරු කරගෙන ඇති බැවින් අවසන් කණ්ඩායම් තේරීම කොදෙව් කළමනාකාරීත්වයට සුභදායී ගැටලුවක් බවට පත්ව තිබේ.

අනෙක් පසින් ශ්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරගය දැඩි අවදි කිරීමක් බවට පත්විය. දිගු කාලයකින් පසු විදේශීය ටෙස්ට් තරගයකට එක්වීමේ බලපෑම පිතිකරුවන්ගේ දුර්වල දස්කම් තුළ පැහැදිලිව දිස්විය. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙන්ම කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් ද අපේක්ෂාවන් ඉටු කිරීමට අසමත් වූ අතර නායක ධනංජය ද සිල්වාගේ පළමු ඉනිමේ ශතකය පමණක් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රධාන සැනසිල්ල විය.

කෙසේ වෙතත් දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකාවට තවත් දැඩි අභියෝග කිහිපයක් එල්ල වී තිබේ. ආබාධ හේතුවෙන් පැතුම් නිශ්ශංක, ලහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු සංචිතයෙන් ඉවත් වී ඇති අතර රමේෂ් මෙන්ඩිස්ද බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ක්‍රීඩා නොකරනු ඇත.

නිශ්ශංකගේ මැණික් කටුවේ ආබාධයකට ශල්‍යකර්මයක් අවශ්‍ය වී ඇති බැවින් ඔහු එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ. එම හේතුවෙන් ලහිරු උදාර ආරම්භක පිතිකරු ලෙස කණ්ඩායමට එක්වන අතර ඉසිත විජේසුන්දර ටෙස්ට් වරම් දිනා ගනු ඇත. වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියවද අවසන් එකොලොස්දෙනා අතරටට කැඳවා ඇති අතර කසුන් රාජිතට මෙවර ස්ථානය අහිමි වනු ඇත.

ශ්‍රී ලංකාවට මේ තරගයේදී වඩාත්ම විශ්වාසය තැබිය හැකි පිතිකරු වන්නේ දිනේෂ් චන්දිමාල්ය. 2022 වසරේ සිට ටෙස්ට් ක්‍රිකට් පිටියේ අවම වශයෙන් ටෙස්ට් තරග 10ක් ක්‍රීඩා කළ පිතිකරුවන් අතර කමිඳු මෙන්ඩිස් සහ කේන් විලියම්සන්ට පමණක් පිටුපසින් සිටින චන්දිමාල් මෙම කාලය තුළ ලකුණු 2241ක් රැස් කරමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ස්ථාවර ටෙස්ට් පිතිකරුවා බවට පත්ව ඇත. පළමු ටෙස්ට් තරගයේදීද ඔහු ඉනිම් දෙකේදී ලකුණු 97ක් රැස් කළ නමුත් එය තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට ප්‍රමාණවත් නොවීය.

පළමු ටෙස්ට් තරගයේ තණතීරුව වේග පන්දු යවන්නන්ට සැලකිය යුතු සහායක් ලබාදුන් අතර දෙවැනි ටෙස්ට් තරගයේදීද එවැනිම තත්ත්වයක් අපේක්ෂා කෙරේ. තරගය පුරාම වර්ෂාවෙන් බාධා ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ වාර්තාවල දැක්වේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ ද මෙම තරගයට විශාල වැදගත්කමක් හිමි වේ. තරග සංඛ්‍යාව සීමිත බැවින් ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරග බලාපොරොත්තුව තවුරටත් රඳවා ගැනීමට මෙම තරගයේ ජය අතිශය වැදගත් වනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – ජෝන් කැම්ප්බෙල්, බ්‍රෙන්ඩන් කිං, ෂායි හෝප්, අමීර් ජැන්ගූ, ජස්ටින් ග්‍රීව්ස්, රොස්ටන් චේස් (නායක), ජොෂුවා ද සිල්වා, ජේඩ්න් සීල්ස්, අල්සාරි ජෝසප්, ශමාර් ජෝසප්, කෙමාර් රෝච්.

ශ්‍රී ලංකා කණ්ඩායම – ලහිරු උදාර, නිශාන් මදුෂ්ක, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, සොනාල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර, අසිත ප්‍රනාන්දු.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee