slc
logo
Home   |    News
අගෝස්තු 6, 2026
ඉන්දියාවට එරෙහි තුන්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා XI නම් කරයි

sinhala editor

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2026 යටතේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා XI කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.

ශ්‍රී ලංකා XI කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර මෙම තුන්දින පුහුණු තරගය හෙට (අගෝස්තු 7) කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර තරගය පෙරවරු 10.00ට ආරම්භ වේ.

මෙම තරගය ඉන්දීය කණ්ඩායමට ශ්‍රී ලංකා තණතීරු සහ තරග තත්ත්වයන්ට හුරු වීම සඳහා වැදගත් අවස්ථාවක් වන අතර, ශ්‍රී ලංකා XI ක්‍රීඩකයන්ටද ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායමකට එරෙහිව සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් හිමි වේ.

තුන්දින තරගය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා XI කණ්ඩායමේ නායකත්වය සොනාල් දිනූෂ විසින් දරන අතර, කඩුලු රැකීමේ වගකීම අංජල බණ්ඩාර වෙත පැවරී තිබේ.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුළ පැවැත්වෙන මෙම පුහුණු තරගයෙන් අනතුරුව දෙරට අතර ජාත්‍යන්තර තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා XI කණ්ඩායම:

  1. නිශාන් මධුෂ්ක
  2. රවිඳු රෂාන්ත
  3. පසිඳු සූරියබණ්ඩාර
  4. පවන් රත්නායක
  5. අහන් වික්‍රමසිංහ
  6. සෝනල් දිනූෂ (නායක)
  7. අංජල බණ්ඩාර (කඩුලු රකින්නා)
  8. නිපුන් දනංජය
  9. ලහිරු කුමාර
  10. විශ්ව ප්‍රනාන්දු
  11. අසංක මනෝජ්
  12. ඉසිත විජේසුන්දර
  13. රමේෂ් මෙන්ඩිස්
  14. කේසර නුවන්තා
  15. දිලුම් සුදීර

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar