ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අද (20) දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැති අතර, එහිදී එන්.සී.සී., එස්.එස්.සී., පානදුර ක්‍රීඩා සමාජය, සී.සී.සී. ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කළහ.
දිනයේ කැපී පෙනෙනම දස්කම වාර්තා කළේ එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු කමිල් මිශාර විසිනි. බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 72කදී නොදැවී ලකුණු 145ක් රැස් කළ ඔහු, හතරේ පහර 11ක් සහ හයේ පහර 11ක් සිය ඉනිමට එක් කළේය.
ඒ අනුව පන්දුවට පහර දීමේ වේගය 201.39ක් ලෙස සටහන් කළ කමිල් මිශාරගේ ඉනිම ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස තරගයකදී පිතිකරුවකු වාර්තා කළ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව බවට පත්විය.
මේ අතර පානදුර ක්‍රීඩා සමාජය කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 82ක පහසු ජයක් වාර්තා කළ අතර, එම ජයග්‍රහණයට ශාලිත් ප්‍රනාන්දු සහ දිල්ෂාන් මුණවීරගේ වේගවත් අර්ධ ශතක විශාල දායකත්වයක් ලබා දුන්නේය. දෙදෙනාම ලකුණු 64 බැගින් රැස් කළහ.
පොලිස් ක්‍රීඩා සමාජය තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කරමින් කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය ලකුණු 31කින් පරාජය කළේය. එහිදී තිලකරත්න සම්පත් පන්දු 45කදී ලකුණු 77ක් සහ භානුක රාජපක්ෂ පන්දු 33කදී ලකුණු 69ක් රැස් කරමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූහ.
මීට අමතරව මුවර්ස් ක්‍රීඩා සමාජයේ ජනිෂ්ක පෙරේරා ලකුණු 57ක්ද, කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයේ ලක්වින් අබේසිංහ ලකුණු 62ක්ද රැස් කරමින් අර්ධ ශතක වාර්තා කළහ.
පන්දු යැවීමේදී පොලිස් ක්‍රීඩා සමාජයේ චාරුක ප්‍රමෝද් ලකුණු 42කට කඩුලු 4ක් දවාගත් අතර, එන්.සී.සී. කණ්ඩායමේ චමික ගුණසේකර, බදුරලිය ක්‍රීඩා සමාජයේ මාලින්ද පුෂ්පකුමාර, එස්.එස්.සී. කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ, කොළඹ ක්‍රිකට් සමාජයේ ඉනුක කරුණාගොඩ, මුවර්ස් ක්‍රීඩා සමාජයේ සන්තුෂ් ගුණතිලක සහ ශිරාන් ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවාගත්හ.
පානදුර ක්‍රීඩා සමාජයට ලකුණු 82ක ජයක්
පානදුර ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 197 (පන්දුවාර 20): ශාලිත් ප්‍රනාන්දු 64, දිල්ෂාන් මුණවීර 64, කලාන පෙරේරා නොදැවී 25, ඕෂද ප්‍රනාන්දු 24.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී ලකුණු 115 (පන්දුවාර 16.1): ධනංජය ලක්ෂාන් 43, හිරාන් ජයසුන්දර 43; ගිමදු මල්කම් 10/2, කලාන පෙරේරා 19/2, නවීන්දු ප්‍රභාෂ් 23/2, විශ්ව ලහිරු කුමාර 26/2.
එන්.සී.සී. කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 46ක ජයක්
එන්.සී.සී. – කඩුල්ලක් දැවී ලකුණු 225 (පන්දුවාර 20): කමිල් මිශාර නොදැවී 145, චමික කරුණාරත්න නොදැවී 36, ජීවක ශෂින් 33.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 92 (පන්දුවාර 11): ජනිත ලියනගේ 22; චාමික ගුණසේකර 13/3, චාමික කරුණාරත්න 13/2, සහන් ආරච්චිගේ 15/2.
එස්.එස්.සී. කණ්ඩායමට ලකුණු 86ක ජයක්
එස්.එස්.සී. – කඩුලු 8ක් දැවී ලකුණු 174 (පන්දුවාර 20): නුවනිදු ප්‍රනාන්දු 44, ශෙවෝන් ඩැනියෙල් 31, නිපුන් ධනංජය 26, රොන් චන්ද්‍රගුප්ත 25; මාලින්ද පුෂ්පකුමාර 26/3, කූජන පෙරේරා 17/2, රුසඳු සිල්වා 29/2.
බදුරලිය ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 88 (පන්දුවාර 16.1): මිලින්ද සිරිවර්ධන 20; දුනිත් වෙල්ලාලගේ 9/3, ප්‍රමෝද් මදුෂාන් 17/2, නිපුන් ධනංජය 19/2.
කොළඹ ක්‍රිකට් සමාජයට කඩුලු 7ක ජයක්
බී.ආර්.සී. – කඩුලු 8ක් දැවී ලකුණු 110 (පන්දුවාර 20): චමිඳු වික්‍රමසිංහ 35; ඉනුක කරුණාගොඩ 12/3.
සී.සී.සී. – කඩුලු 3ක් දැවී ලකුණු 113 (පන්දුවාර 11.1): ලසිත් කෲස්පුල්ලේ 45, පවන් රත්නායක නොදැවී 29, සහන් කොසල 26; විග්නේෂ්වරන් ආකාෂ් 35/2.
ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 1ක තියුණු ජයක්
මුවර්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 181 (පන්දුවාර 20): ජනිෂ්ක පෙරේරා 57, රමේෂ් මෙන්ඩිස් 32, මල්ෂ තරුපති නොදැවී 29; ලහිරු සමරකෝන් 26/2, තරිඳු රත්නායක 53/2
ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 156 (පන්දුවාර 16): තෙවිඳු සේනාරත්න 28, ශරුජන් ෂන්මුගනාදන් 27; සන්තුෂ් ගුණතිලක 28/3, ශිරාන් ප්‍රනාන්දු 29/3, ගරුක සංකේත් 29/2.
පොලිස් ක්‍රීඩා සමාජයට ලකුණු 31ක ජයක්
පොලිස් ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 207 (පන්දුවාර 20): තිලකරත්න සම්පත් 77, භානුක රාජපක්ෂ 69, චතුරංග ජයතිලක 44; විකුම් සංජය 26/2.
කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී ලකුණු 176 (පන්දුවාර 19): ලක්වින් අබේසිංහ 62, ගයාන වීරසිංහ 28, අමේෂ් තෙන්නකෝන් 24; චාරුක ප්‍රමෝද් 42/4, නිපුන් ප්‍රේමරත්න 22/3



