slc
logo
Home   |    News
අගෝස්තු 22, 2026
නුවනිඳු සහ සදීරගේ ශතකවලින් එස්.එස්.සී. සහ මුවර්ස් ජයග්‍රහණයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධාන පෙළේ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (22)පැවැති තරග වලදී, එස්.එස්.සී. බ්ලූම්ෆීල්ඩ්, ලෙිස් සහ මුවර්ස් යන ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. දිනයේ කැපී පෙනෙන පිතිකරණ දස්කම් දැක්වූයේ නුවනිඳු ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රමය. ඔවුන් දෙදෙනාම විශිෂ්ට ශතක වාර්තා කරමින් පිළිවෙළින් එස්.එස්.සී. සහ මුවර්ස් ක්‍රීඩා සමාජ ජයග්‍රහණ සඳහා මූලිකත්වය ගත්හ.

එස්.එස්.සී. කණ්ඩායම වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු පන්දු 107කදී ලකුණු 120ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟිනි. ඔහුගේ ප්‍රහාරාත්මක ඉනිම හේතුවෙන් එස්.එස්.සී. කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4කට ලකුණු 311ක් ලබා ගැනීමට හැකි විය. රොන් චන්ද්‍රගුප්ත ලකුණු 75ක්ද, නිපුන් ධනංජය නොදැවී ලකුණු 60ක්ද, ෂෙවෝන් ඩැනියෙල් ලකුණු 36ක්ද එක් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එන්.සී.සී. කණ්ඩාම පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණි. කවිඳු පතිරත්න නොදැවී ලකුණු 52ක් ලබාගත් අතර, චාමික ගුණසේකර ලකුණු 36ක් රැස් කළේය. එස්.එස්.සී. පන්දු යැවීමේදී නිපුන් ධනංජය ලකුණු 29කට කඩුලු 4ක් දවාගත් අතර, කසුන් රාජිත කඩුලු 2ක් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් බැගින් ලබා ගත්හ. ඒ අනුව එස්.එස්.සී. පිල ලකුණු 103ක ජයක් වාර්තා කළේය.

මුවර්ස් ක්‍රීඩා සමාජයද සදීර සමරවික්‍රමගේ විශිෂ්ට ශතකය හේතුවෙන් කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 119ක පහසු ජයක් වාර්තා කළේය. සදීර පන්දු 111කදී ලකුණු 125ක් ලබාගත්තේ හතරේ පහර 14ක් සහ හයේ පහරකින් ඉනිම අලංකාර කරමිනි. ඔහුට අමතරව රමේෂ් මෙන්ඩිස් ලකුණු 41ක්, සිතාර ගිම්හාන ලකුණු 30ක් සහ ෂෙහාන් ප්‍රනාන්දු ලකුණු 23ක් රැස් කළහ.

ඒ අනුව මුවර්ස් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 276ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කුරුණෑගල යූත් කණ්ඩායමට පන්දුවාර 37.3කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157ක් පමණි. අභිෂේක් ලියනාරච්චි ලකුණු 61ක් රැස් කළේය. පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් සහ දුවිඳු තිලකරත්න කඩුලු 3 බැගින් දවාගත් අතර, ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2ක් ලබාගත්තේය.

මේ අතර පොලිස් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර පැවැති තරගය තියුණු සටනකින් අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජය කඩුලුයකින් ජය ගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් බදුරලිය කණ්ඩායම පන්දුවාර 47.3කදී ලකුණු 172කට දැවී ගිය අතර, චතුරංග ද සිල්වා ලකුණු 45ක්, කූජන පෙරේරා ලකුණු 34ක් සහ සීක්කුගේ ප්‍රසන්න ලකුණු 32ක් රැස් කළහ. පොලිස් කණ්ඩායම වෙනුවෙන් කිත්ම විතානපතිරණ ලකුණු 26කට කඩුලු 4ක් දවාගත් අතර, දුෂාන් හේමන්ත කඩුලු 3ක් ලබාගත්තේ ලකුණු 20කටය.

ලකුණු 173ක ඉලක්කය හඹාගිය පොලිස් ක්‍රීඩා සමාජය පන්දුවාර 41.5කදී කඩුලු 9ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළේය. මොහොමඩ් ෂමාස් ලකුණු 39ක්, නිපුන් ප්‍රේමරත්න නොදැවී ලකුණු 33ක් සහ කිතමා විතානපතිරණ ලකුණු 33ක් රැස් කළහ. බදුරලිය වෙනුවෙන් මලින්ද පුෂ්පකුමාර සහ රොහාන් සංජය කඩුලු 3 බැගින් දවාගත්හ.

බී.ආර්.සී. කණ්ඩඩායමට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය කඩුලු 7ක පහසු ජයක් වාර්තා කළේය.

පළමුව පන්දුවට පහරදුන් බර්ගර් ක්‍රීඩා සමාජය පන්දුවාර 23.3කදී ලකුණු 91කට දැවී ගිය අතර, පවන් සඳේෂ් ලකුණු 42ක් ලබාගත්තේය. බ්ලූම්ෆීල්ඩ් වෙනුවෙන් දුලාජ් සමුදිත ලකුණු 31කට කඩුලු 4ක් දවාගත් අතර, තරිඳු නිර්මාල් ගුරුගේ සහ කවීෂ පියුමාල් කඩුලු 2 බැගින් ලබාගත්හ.

ලකුණු 92ක පහසු ඉලක්කය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 3ක් පමණක් දැවී පසුකර ගියේය. අසිත වන්නිනායක නොදැවී ලකුණු 36ක්ද, හසිත අමරසිංහ ලකුණු 34ක්ද රැස් කළහ.

ලකුණු සාරාංශය

එස්.එස්.සී. පිලට ලකුණු 103ක ජයක්.

එස්.එස්.සී. – 311/4 (පන්දුවාර 50)
නුවනිඳු ප්‍රනාන්දු 120, රොන් චන්ද්‍රගුප්ත 75, නිපුන් ධනංජය නොදැවී 60, ෂෙවෝන් ඩැනියෙල් 36
එන්.සී.සී. – 208 (පන්දුවාර 49.2)
කවිඳු පතිරත්න නොදැවී 52, චමික ගුණසේකර 36,  නිපුන් ධනංජය 29/4, කසුන් රාජිත 22/2, දුනිත් වෙල්ලාලගේ 48/2

මුවර්ස් පිලට ලකුණු 119ක ජයක්.

මුවර්ස් ක්‍රීඩා සමාජය – 276/9 (පන්දුවාර 50)
සදීර සමරවික්‍රම 125, රමේෂ් මෙන්ඩිස් 41, සිතාර ගිම්හාන 30
විකුම් සංජය 71/4, වතිල උදාර 35/3

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය – 157 (පන්දුවාර 37.3)
අභිෂේක් ලියනාරච්චි 61, වතිල උදාර 41
රමේෂ් මෙන්ඩිස් 32/3, දුවිඳු තිලකරත්න 40/3, ශිරාන් ප්‍රනාන්දු 35/2

පොලිස් පිලට කඩුලු 1ක ජයක්.

බදුරලිය ක්‍රීඩා සමාජය – 172 (පන්දුවාර 47.3)
චතුරංග ද සිල්වා 45, කූජන පෙරේරා 34, සීක්කුගේ ප්‍රසන්න 32
කිතමා විතානපතිරණ 26/4, දුෂාන් හේමන්ත 20/3, නිපුන් ප්‍රේමරත්න 25/2

පොලිස් ක්‍රීඩා සමාජය – 173/9 (පන්දුවාර 41.5)
මොහොමඩ් ෂමාස් 39, නිපුන් ප්‍රේමරත්න නොදැවී 33, කිතමා විතානපතිරණ 33, දුෂාන් හේමන්ත 28
මලින්ද පුෂ්පකුමාර 28/3, රොහාන් සංජය 44/3, සීක්කුගේ ප්‍රසන්න 42/2

බර්ගර් රීක්‍රියේෂන් සමාජය – 91 (පන්දුවාර 23.3)
පවන් සඳේෂ් 42
දුලාජ් සමුදිත 4/31, තරිඳු නිර්මාල් ගුරුගේ 2/2, කවීෂ පියුමාල් 2/22

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය – 92/3 (පන්දුවාර 18.4)
අසිත වන්නිනායක නොදැවී 36, හසිත අමරසිංහ 34
තිලංග උදේශන 2/24
බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 7ක ජයක්.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar