ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන ටියර් බී සීමිත පන්දුවාර එක්දින ක්රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (17) නිමාවට පත්වූ අතර, දිනයේ කැපී පෙනෙන පන්දු යැවීම වාර්තා කිරීමට නිගම්බු ක්රීඩා සමාජයේ දකුණත් මඳ වේග පන්දු යවන 23 හැවිරිදි හංසජ හිරුණ සමත් විය. කුරුණෑගල ක්රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී පන්දුවාර 10ක් යවමින් ලකුණු 47කට කඩුලු 6ක් දවාගත් හංසජ, නිගම්බු පිතිකරුවන්ට තරගය ජයගැනීම සඳහා තිබූ අභියෝගය තවත් දැඩි කළද, අවසානයේ කුරුණෑගල කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් හිමිකර ගත්තේය.
කුරුණෑගල ක්රීඩා සමාජය පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 255කට දැවී ගිය අතර, ඩිල්ශාන් කොල්ලුරේ ලකුණු 69ක් සහ රජිත රත්නායක ලකුණු 61ක් රැස් කළහ. නිගම්බු කණ්ඩායම පිළිතුරු ඉනිමේදී ලකුණු 251කට කඩුලු 8ක් දැවී තරගය අවසන් කළ අතර, දිනිත සිරිවර්ධන ලකුණු 79ක් රැස් කළේය.
මේ අතර ගාල්ල ක්රීඩා සමාජය ලකුණු 48කින් කැන්ඩි කස්ටම්ස් ක්රීඩා සමාජය පරාජය කළේය. ගාල්ල වෙනුවෙන් යුතික ද සිල්වා ලකුණු 81ක් රැස් කළ අතර, කැන්ඩි කස්ටම්ස් වෙනුවෙන් නොදැවී ලකුණු 53ක් රැස් කිරීමට කවීශ ඉඳුවර සමත් විය.
සෙබස්තියනයිට්ස් ක්රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් න්යාය අනුව ලකුණු 7කින් යුනයිටඩ් සදර්න් ක්රීඩා සමාජය පරාජය කළේය. සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ එරංග ජයකොඩි නොදැවී ලකුණු 74ක් ලබා ගත්තේය.
මොරටුව ක්රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් න්යාය අනුව කඩුලු 4කින් නාවික හමුදා ක්රීඩා සමාජය පරාජය කළ අතර, යුද හමුදා ක්රීඩා සමාජයද ඩක්වර්ත් ලුවිස් න්යාය අනුව ලකුණු 23ක ජයක් වාර්තා කළේය.
මේ අතර කොස්ගම සාලාව යුද හමුදා ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ලියෝ ක්රිකට් සමාජය සහ රාගම ක්රිකට් සමාජය අතර තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.
යුද හමුදා ක්රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්යාය අනුව ලකුණු 23ක ජයක්
චිලව් මේරියන්ස් ක්රිකට් සමාජය – සියලු දෙනා දැවී 154 (32.3): කසුන් විදුර 68, ගිම්හාන් රසාංජන 22; පැතුම් මලිත 29/3, ජනක සම්පත් 18/3, මනුෂ්ක සමිත් 27/2
යුද හමුදා ක්රීඩා සමාජය – කඩුලු 4ක් දැවී 122 (24): මනුෂ්ක සමිත් 32, අසේල ගුණරත්න 26, ක්රිශේන් අපෝන්සු නොදැවී 23; සසංක නිර්මාල් 28/3
මොරටුව ක්රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්යාය අනුව කඩුලු 4ක ජයක්
නාවික හමුදා ක්රීඩා සමාජය – කඩුලු 9ක් දැවී 129 (35.3): ආදිත්ය සිරිවර්ධන 48, නිපුණ ගමගේ 21; මනුල චන්තුක 19/3, රුසිත් ජයවර්ධන 18/3
මොරටුව ක්රීඩා සමාජය – කඩුලු 6ක් දැවී 98 (18.3): ශවිඳු සිල්වා නොදැවී 28, මයුර මල්ෂාන් 24, දිනෙත් සිතුමිණ 22; ඉෂාන් අබේසේකර 31/2
ගාල්ල ක්රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්යාය අනුව ලකුණු 48ක ජයක්
ගාල්ල ක්රීඩා සමාජය – කඩුලු 9ක් දැවී 261 (50): යුතික ද සිල්වා 81, අමිත් එරන්ද 41, තේජාන් ප්රසංජන 25, චානක දේවින්ද 24, කවිඳු නිර්මාණ 20; චරිත් රාජපක්ෂ 49/3, වෙන්කට් රාජේන්ද්රන් 48/2.
කැන්ඩි කස්ටම්ස් ක්රීඩා සමාජය – කඩුලු 7ක් දැවී 207 (47): කවීශ ඉඳුවර නොදැවී 53, කෝසල රවිඳු 47, යශෝධ මෙන්ඩිස් 30; අමිත් එරන්ද 41/3, චානක දේවින්ද 23/2
සෙබස්තියනයිට්ස් ක්රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්යාය අනුව ලකුණු 7ක ජයක්
සෙබස්තියනයිට්ස් ක්රීඩා සමාජය – කඩුලු 8ක් දැවී 184 (50): එරංග ජයකොඩි නොදැවී 74; ශරොන් අභිෂේක් 20/2, සෙනුක දංගමුව 30/2
යුනයිටඩ් සදර්න් ක්රිකට් සමාජය – කඩුලු 9ක් දැවී 139 (31): තිළිණ ඩිල්ෂාන් 31, කවිඳු එදිරිවීර 22; සුතර්සන් සුබර්නන් 11/4, පුන්සර සඳරුවන් 23/3
කුරුණෑගල ක්රීඩා සමාජයට ලකුණු 4ක ජයක්
කුරුණෑගල ක්රීඩා සමාජය – සියලු දෙනා දැවී 255 (48.3): ඩිල්ෂාන් කොල්ලුරේ 69, රජිත රත්නායක 61, විනුජ රාන්පෝල් 26; හංසජ හිරුණ 47/6
නිගම්බු ක්රීඩා සමාජය – කඩුලු 8ක් දැවී 251 (50): දිනිත සිරිවර්ධන 79, රශ්මික මෙවන් 31, මොහොමඩ් මුර්ශාද් 29, දිමුත් සඳරුවන් 25, තත්සර ඒෂාන් 22; රුචිර සිල්වා 28/3, නිසජය හෙට්ටිආරච්චි 42/2, තීක්ෂණ සංජීව 54/2





