slc
logo
Home   |    News
අගෝස්තු 2, 2026
අයහපත් කාලගුණය දඹුල්ල සික්සර්ස්හි අවසන් කණ්ඩායම් 4 සිහිනය බොඳ කරයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 20 වැනි තරගය ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (2) රාත්‍රියේ පැවැති දඹුල්ල සික්සර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරව අවසන් විය. එම ප්‍රතිඵලයත් සමඟ ප්ලේ-ඕෆ් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වූ දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ මෙවර LPL ගමන නිල වශයෙන් අවසන් විය.

මෙම ප්‍රතිඵලයත් සමඟ ජැෆ්නා කිංග්ස් ප්‍රසාද ලකුණු 11ක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කරගත් අතර, ගෝල් ගැලන්ට්ස් (ලකුණු 10), කොළඹ කැප්ස් (ලකුණු 8) සහ කැන්ඩි රෝයල්ස් (ලකුණු 6) සමඟින් ප්ලේ-ඕෆ් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතර බවට පත්විය. වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් වීමත් සමඟ එක් ප්‍රසාද ලකුණක් පමණක් හිමි වූ ඩම්බුල්ල සික්සර්ස් කණ්ඩායම ලකුණු 5ක් සමඟ පස්වැනි ස්ථානයේ පසුවූ අතර, ඔවුන්ගේ 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගමන එතැනින්ම නිමාවට පත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඩම්බුල්ල සික්සර්ස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 203ක ප්‍රබල ඉනිමක් ගොඩනැගීය. නායක දිනේෂ් චන්දිමාල් පන්දු 24කින් ලකුණු 44ක් රැස් කරමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් එල්ල කළ අතර, පවන් රත්නායක පන්දු 28කින් ලකුණු 47ක් (4×3, 6×2) රැස් කරමින් ඉනිම ශක්තිමත් කළේය.

සහිබ්සාදා ෆර්හාන් ලකුණු 24ක් ලබාගත් අතර, ගුල්බදීන් නායිබ් ලකුණු 20ක් සහ සිකන්දර් රාසා පන්දු 8කින් වේගවත් ලකුණු 14ක් එක් කළහ. අවසන් මොහොතේ මහීෂ් තීක්ෂණ පන්දු 5කින් නොදැවී ලකුණු 11ක් රැස් කරමින් ලකුණු සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගෙන ගියේය. දඹුල්ල ඉනිමට අතිරේක ලකුණු 21ක්ද එක්වීම කැපී පෙනුණි.

ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් දිල්ෂාන් මධුශංක කඩුලු 3ක් දවාගත් අතර, දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් සහ ලිසාඩ් විලියම්ස් කඩුලු 2ක් බිඳ හෙළීය.

කෙසේ වෙතත්, ජැෆ්නා කිංග්ස් ඉනිම ආරම්භ කිරීමටත් පෙර ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වූ අතර, විනිසුරුවන් තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් කිරීමට තීරණය කළහ.

දඹුල්ල සික්සර්ස් – 203/8 (පන්දුවාර 20)

පවන් රත්නායක 47, දිනේෂ් චන්දිමාල් 44, සහිබ්සාදා ෆර්හාන් 24, ගුල්බදීන් නායිබ් 20, දිල්ෂාන් මධුශංක 32/3, දුනිත් වෙල්ලාලගේ 24/2, ලිසාඩ් විලියම්ස් 39/2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar