slc
logo
Home   |    News
අගෝස්තු 22, 2026
ඉශාන් අබේසේකරගෙන් පිට පිට පන්දු 4කදී කඩුලු 4ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටියර් ‘බී’ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අගෝස්තු 19 පැවැති තරග අතරතුර නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පා දඟ පන්දු යවන ඉශාන් අබේසේකර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් එකම පන්දුවාරයක පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ඉනිමේ 15 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ සිට මෙම විශිෂ්ට දස්කම වාර්තා කළ ඉශාන්ගේ ගොදුරු බවට පත්වූයේ නායක ශෙහඳ සොයිසා (6), රවිඳු විජේවර්ධන (0), සරත් මදුශ්ක (0) සහ පැතුම් මලිත (0) යන පිතිකරුවන්ය.

ඉශාන් පන්දුවාර 4කදී ලකුණු 7කට කඩුලු 4ක් දවා ගත් අතර, ඔහුගේ දස්කම හේතුවෙන් නාවික හමුදා කණ්ඩායමට ජයග්‍රහණය අහිමි විය. යුද හමුදා ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 5ක ජයක් වාර්තා කළේය.

මේ අතර නිමාවූ සෙසු තරගවලදී එක්සත් දකුණු ක්‍රීඩා සමාජයේ දමේස් මතිශාන් ලකුණු 52ක්, යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා නොදැවී ලකුණු 51ක්, රාගම ක්‍රීඩා සමාජයේ හසිත් පෙරේරා ලකුණු 70ක් සහ රන්මිත් ජයසේන ලකුණු 52ක් රැස් කරමින් අර්ධ ශතක වාර්තා කළහ.

කළුතර පැවැත්වීමට නියමිතව තිබූ  යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතරමඟ නතර වූ අතර, සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය එකදු පන්දුවක් හෝ නොයවාම විසඳුමකින් තොරව අවසන් විය.

මොරටුව ක්‍රීඩා සමාජයට ලකුණු 10ක ජයක්

මොරටුව ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 110 (පන්දුවාර 20): චාමර ප්‍රනාන්දු 24, රුසිත් ජයවර්ධන නොදැවී 15, තිමිර ඉරුෂික 18/2, ගිම්හාන් රසාංජන 15/3

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 100 (පන්දුවාර 18.5): සසංක නිර්මාල් 29; රුසිත් ජයවර්ධන 14/2

රාගම ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 22ක ජයක්

රාගම ක්‍රීඩා සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 147 (පන්දුවාර 16): හසිත් පෙරේරා 70, රන්මිත් ජයසේන 52.

කැන්ඩි කස්ට්ම්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 88 (පන්දුවාර 12.3): කෝසල රවිඳු නොදැවී 38, යශෝධ මෙන්ඩිස් 23; කාවින්ද ඊශ්වර 18/2

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය අතර තරගය විසඳුමකින් තොරයි

එක්සත් දකුණු ක්‍රීඩා සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 179 (පන්දුවාර 20): දමේස් මතිශාන් 52, සෙනුක දංගමුව 21, කසුන් සේනාධීර 21, පෙසඳු සංජන 47.

ලියෝ ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 16ක ජයක්

ලියෝ ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 128 (පන්දුවාර 20): නෙත්ම කරුණාරත්න 33, නෙලුක හේෂාන් 29, සුදාර දක්ෂිණ නොදැවී 18; තීක්ෂණ සංජීව 2/30, මදුශික සඳරුවන් 2/28.

කුරුණෑගල ක්‍රීඩා සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 25 (පන්දුවාර 5): සුදාර දක්ෂිණ 3/06.

යුද හමුදා ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 5ක ජයක්

යුද හමුදා ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 116 (පන්දුවාර 18): තිසර පෙරේරා නොදැවී 51; වෝෂිත අමරසිංහ 2/25, ඉශාන් අබේසේකර 4/07.

නාවික හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 113 (පන්දුවාර 18): අදීශ නානායක්කාර 20, වරුණ මයන්ත 24, තිමිර මල්ශාන් 32; ලිලාන් රංගන 2/22, පැතුම් මලිත 2/12.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee