slc
logo
Home   |    News
අගෝස්තු 2, 2026
කලම්බු පැරදවූ ගෝල් ගැලන්ට්ස් පළමු සුදුසුකම් ලැබීමේ සටනට සුදුසුකම් ලබයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ලීග් වටයේ පළමු කණ්ඩායම් දෙක අතර ස්ථානය තහවුරු කර ගනිමින් මෙවර තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙවත් අවසන් කණ්ඩායම් 4 අතර පැවැත්වෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් අද (01 දා) රාත්‍රියේ සමත්විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී කලම්බු කැප්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 13ක ජයක් වාර්තා කළ ගෝල් ගැලන්ට්ස් ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ පස්වැනි ජයග්‍රහණය වාර්තා කරමින්, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම කණ්ඩායම් දෙක අතර සිය ස්ථානය ස්ථිර කර ගැනීමට සමත් වූහ.

එමෙන්ම, කණ්ඩායමේ ජයග්‍රහණයට නායකත්වය දුන් චරිත් අසලංක මෙම තරගයේදී LPL ඉතිහාසයේ ලකුණු 1000 සීමාව ඉක්මවූ 7 වැනි පිතිකරු බවට පත්වෙමින් තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්ද සටහන් කළේය. ඔහුට පෙර එම දස්කම වාර්තා කර තිබුණේ අවිශ්ක ප්‍රනාන්දු (1737), කුසල් මෙන්ඩිස් (1476), දිනේෂ් චන්දිමාල් (1422), ඇන්ජලෝ මැතිව්ස් (1114), කමිඳු මෙන්ඩිස් (1033) සහ රහ්මනුල්ලා ගුර්බාස් (1015) යන පිතිකරුවන් පමණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ගෝල් ගැලන්ට්ස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 201ක දැවැන්ත ඉලක්කයක් ගොඩනැඟීය.

දසුන් අසනීපයෙන් පසුවූ නිසා අද දිනයේදී ගෝල් පිල මෙහෙයවන ලද්දේ චරිත් අසලංක විසින් වන අතර එහිදී නැවතත් සිය සුපුරුදු දක්ෂතා විදහා දක්වමින් පන්දු 37කින් ලකුණු 58ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟිනි. සහන් ආරච්චිගේ ද පන්දු 29කින් ලකුණු 43ක් (4×4, 2×6) රැස් කරමින් මැද පෙළ ශක්තිමත් කළ අතර, සෑම් හාපර් ලකුණු 28ක්, දසුන් ශානක ලකුණු 21ක් සහ දිනුර කළුපහන ලකුණු 20ක් ලබා දෙමින් කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් එපිටට රැගෙන ගියහ.

මෙම ඉනිමේදී වමත් දඟ පන්දු යවන වනුජ සහන් පන්දුවාර 4දී ලකුණු 28කට කඩුලු 2ක් බිඳ හෙළමින් කොළඹ කැප්ස් වෙනුවෙන් කැපී පෙනුණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කැප්ස් පිල දැඩි සටනක් ලබා දුන්නද පන්දුවාර 19.4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 188කට සීමා වූහ.

බෙන් මැක්ඩර්මට් ලකුණු 38ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා වූ අතර, සධීර සමරවික්‍රම ලකුණු 37ක් සහ මල්ෂ තරුපති ලකුණු 36ක් රැස් කළහ. එහෙත් එම ආරම්භයන් කිසිවෙකුටත් ජයග්‍රාහී ඉනිමක් බවට පරිවර්තනය කිරීමට නොහැකි විය.

ගෝල් ගැලන්ට්ස් ජයග්‍රහණයේ ප්‍රධානතම නායකත්වය ගත් වමත් දඟ පන්දු යවන මොහොමඩ් නවාස් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් කොළඹ කැප්ස් ඉනිම බිඳ දැමීය. අකීෆ් ජාවෙඩ් (2/42) සහ ඊෂාන් මාලිංග (2/43) ද කඩුලු දෙක බැගින් දවා ගනිමින් ඔහුට අනගි සහායක් ලබා දුන්හ.

ගෝල් ගැලන්ට්ස් – 201/6 (පන්දුවාර 20)

චරිත් අසලංක 58, සහන් ආරච්චිගේ 43, සෑම් හාපර් 28, දසුන් ශානක 21, දිනුර කළුපහන 20, වනුජ සහන් 28/2.

කලම්බු කැප්ස් – 188 (පන්දුවාර 19.4)

බෙන් මැක්ඩර්මට් 38, සධීර සමරවික්‍රම 37, මල්ෂ තරුපති 36, මිලාන් රත්නායක 21, මොහොමඩ් නවාස් 24/3, අකීෆ් ජාවෙඩ් 42/2, එෂාන් මාලිංග 43/2.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar