ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අද (24) අවසන් වූ අතර, එහිදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ SSC කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. එහිදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 169ක විශිෂ්ට ජයක් වාර්තා කළ අතර, SSC කණ්ඩායමද අද දිනයේ ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.
කෙසේ වෙතත්, SSC කණ්ඩායම ජයග්‍රහණය කළද, අවසන් කණ්ඩායම් හතර අතර පැවැත්වෙන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය දළ ලකුණු වේගය සපුරා ගැනීමට ඔවුන්ට නොහැකි විය. ඒ අනුව ‘බී’ කාණ්ඩයෙන් බදුරලිය ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගත්හ.
මෙම කාණ්ඩයේ කණ්ඩායම් තුනම තරග හතර බැගින් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ තුන බැගින් වාර්තා කර තිබුණි. එහෙත් දළ ලකුණු වේගය අනුව බදුරලිය සහ ගුවන් හමුදා කණ්ඩායම් SSC කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටීම හේතුවෙන් ඔවුන් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූහ.
මේ අතර, ‘ඒ’ කාණ්ඩයෙන් තරග හතරෙන් තරග තුන බැගින් ජයගත් පානදුර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගත්හ. ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක අගෝස්තු 28 වැනිදා පැවැත්වීමට නියමිතය.
එහිදී පළමු අවසන් පූර්ව තරගය පානදුර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර කිරුළපන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අනෙක් තරගය බදුරලිය ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙදින පැවැති තරගවලදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ අශානි කෞශල්‍යා කැපී පෙනුණු අතර, ඇය ලකුණු 57ක් රැස්කරමින් දිනයේ එකම අර්ධ ශතකය වාර්තා කළාය.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණයට පන්දු යවන්නියන්ගෙන්ද විශිෂ්ට දායකත්වයක් ලැබුණු අතර, ශෂිනි ප්‍රනාන්දු ලකුණු 9කට කඩුලු 5ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූවාය. මල්කි මදාරා ලකුණු 14කට කඩුලු 4ක් දවා ගනිමින් ඇයට අනගි සහයක් ලබා දුන්නාය.
කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ චිලව් මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ගුවන් හමුදා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 276ක් රැස් කළේය.
අශානි කෞශල්‍යා ලකුණු 57ක් ලබාගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අතර, මල්ශා ෂෙහානි ලකුණු 32ක්, ශෂිනි ප්‍රනාන්දු ලකුණු 25ක්, මල්කි මදාරා ලකුණු 24ක් සහ සවින්දි කුරේ නොදැවී ලකුණු 34ක් රැස් කළහ. සඳනි තිවංකා නොදැවී ලකුණු 26ක් ලබා ගත්තාය.
ලකුණු 277ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය චිලව් මේරියන්ස් කණ්ඩායමට පන්දුවාර 43.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107ක් පමණි.
සඳුනි නිසංසලා ලකුණු 38ක් ලබාගත් අතර, විනුදි වීරසූරිය ලකුණු 20ක් රැස් කළාය. ගුවන් හමුදා පන්දු බලඇණිය මෙල්ල කළ නොහැකි වූ චිලව් මේරියන්ස් පිතිකාරිනියන් හමුවේ ශෂිනි ප්‍රනාන්දු ලකුණු 9කට කඩුලු 5ක් දවා ගනිමින් විශිෂ්ට දස්කමක් දැක්වූවාය. මල්කි මදාරා ලකුණු 14කට කඩුලු 4ක් දවා ගත්තාය.
ඒ අනුව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 169ක පහසු ජයක් වාර්තා කළේය.
මේ අතර කොළඹ එස්.එල්.එල්.ඩී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති එස්.එස්.සී. සහ ඒස් කැපිටල් ක්‍රිකට් සමාජ අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී. කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 164ක් රැස් කළේය.
චතුරානි ගුණවර්ධන ලකුණු 42ක් ලබාගත් අතර, අමා කාංචනා ලකුණු 29ක් සහ ලිහිණි අප්සරා ලකුණු 22ක් රැස් කළහ. ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් වගීශා ජයවර්ධන කඩුලු 3ක් දවාගත් අතර තරුෂි උත්පලා කඩුලු 2ක් ලබා ගත්තාය.
වර්ෂාව හේතුවෙන් ඒස් කැපිටල් කණ්ඩායමට පන්දුවාර 20කදී ලකුණු 43ක සංශෝධිත ඉලක්කයක් ලබා දී තිබුණද, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 42ක් පමණි.
ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එස්.එස්.සී. කණ්ඩායමට ලකුණු 116ක ජයක් හිමිවිය.
ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් ඉමල්ෂි ලියනගේ ලකුණු 16ක් ලබාගත් අතර, එස්.එස්.සී. පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රනාන්දු ලකුණු 6කට කඩුලු 4ක් දවා ගත්තාය.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 169ක ජයක්.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 276/8 (පන්දුවාර 50)
අශානි කෞශල්‍යා 57, සවින්දි කුරේ නොදැවී 34, මල්ශා ෂෙහානි 32, සඳනි තිවංකා නොදැවී 26, ශෂිනි ප්‍රනාන්දු 25, මල්කි මදාරා 24, සසිනි අල්විස් 48/2, වෙතුම්‍යා විජේසූරිය 67/2.
චිලව් මේරියන්ස් ක්‍රිකට් සමාජය – 107 (පන්දුවාර 43.5)
සඳුනි නිසංසලා 38, විනුදි වීරසූරිය 20, ශෂිනි ප්‍රනාන්දු 9/5, මල්කි මදාරා 14/4.
ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එස්.එස්.සී. කණ්ඩායමට ලකුණු 116ක ජයක්.
එස්.එස්.සී. – 164/9 (පන්දුවාර 50)
චතුරානි ගුණවර්ධන 42, අමා කාංචනා 29, ලිහිණි අප්සරා 22, වගීශා ජයවර්ධන 23/3, තරුෂි උත්පලා 21/2.
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – 42/8 (පන්දුවාර 20)
ඉමල්ෂි ලියනගේ 16, ඉනෝෂි ප්‍රනාන්දු 6/4.



