ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (12) ආරම්භ වූ අතර, පළමු දිනයේ පිතිකරණයෙන් කැපී පෙනුණු එස්එස්සී කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් සහ පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ පොලිස් ක්‍රීඩා සමාජයේ හේෂාන් මදුශංක කැපී පෙනුණහ.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේදී ප්‍රවේගවත් පිතිහරඹයක නිරත වූ ශෙවෝන් ඩැනියෙල් පන්දු 53කදී හතරේ පහර හයක් සහ හයේ පහර හතරක් සමඟ ලකුණු 81ක් රැස් කළේය. ඔහුගේ ඉනිම හේතුවෙන් පළමුව පන්දුවට පහර දුන් එස්එස්සී කණ්ඩායම ලකුණු 167ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝල්ට්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110ක් පමණි. ඒ අනුව එස්එස්සී කණ්ඩායමට ලකුණු 57ක ජයක් හිමිවිය.
දිනයේ පන්දු යැවීමේ කැපී පෙනෙන දස්කම වාර්තා කළේ පොලිස් ක්‍රීඩා සමාජයේ හේෂාන් මදුශංකය. බීආර්සී කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඔහු ලකුණු 19කට කඩුලු පහක් දවාගත්තේය. ඔහුගේ දස්කම හේතුවෙන් බීආර්සී කණ්ඩායම ලකුණු 88කට සීමා වූ අතර, පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු හයකින් තරගය ජය ගත්තේය.
පළමු දිනයේදී අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් අතර සීසීසී කණ්ඩායමේ සහන් කෝසල නොදැවී ලකුණු 52ක්, බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ සනුක ගලගොඩ ලකුණු 63ක්, බදුරලිය ක්‍රීඩා සමාජයේ කූජන පෙරේරා ලකුණු 76ක්, පානදුර ක්‍රීඩා සමාජයේ තවීෂ අභිශේක් ලකුණු 52ක් සහ ටැමිල් යූනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන ලකුණු 51ක් රැස් කළහ.
මේ අතර, සීසීසී කණ්ඩායම නුගේගොඩ ක්‍රීඩා හා පිහිනුම් සමාජ කණ්ඩායම කඩුලු පහකින් පරාජය කළ අතර, බදුරලිය ක්‍රීඩා සමාජය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම කඩුලු හතකින් පරාජය කළේය. ඒස් කැපිටල් කණ්ඩායම පානදුර ක්‍රීඩා සමාජය කඩුලු පහකින් පරාජය කළ අතර, ටැමිල් යූනියන් කණ්ඩායම කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය කඩුලු පහකින් පරාජය කළේය.
සී.සී.සී. කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
නුගේගොඩ ක්‍රීඩා සමාජය – කඩුලු 9කට 134 (පන්දුවාර 20)
ලහිරු දවටගේ 31, ඇන්ජලෝ පෙරේරා 37; නුවන් තුෂාර 13/3, ඉසුරු උදාන 25/2
සී. සී. සී. – කඩුලු 5කට 135 (පන්දුවාර 17.4)
ලසිත් කෲස්පුල්ලේ 43, සහන් කෝසල නොදැවී 52; අබ්දුල් හකම් 17/3
පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 6ක ජයක්.
බීආර්සී – සියලු දෙනා දැවී 88 (පන්දුවාර 15.1)
ඉසුරු ප්‍රනාන්දු 28, පවන් සංදේශ් 24; හේෂාන් මදුශංක 19/5, තිලකරත්න සම්පත් 11/2
පොලිස් ක්‍රීඩා සමාජය – කඩුලු 4කට 91 (පන්දුවාර 15.3)
ධනුජ ඉඳුවර නොදැවී 32, කිත්ම විදානපතිරණ 24.
බදුරලිය ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී 131 (පන්දුවාර 18.3)
සනුක ගලගොඩ 63, ජනිත් ලියනගේ 27; අලංකාර අසංක 13/2, මලිත් ද සිල්වා 22/4
බදුරලිය ක්‍රීඩා සමාජය – කඩුලු 3කට 132 (පන්දුවාර 14.4)
කූජන පෙරේරා 76, හිරුන් කපුරුබණ්ඩාර නොදැවී 37.
ඒස් කැපිටල් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
පානදුර ක්‍රීඩා සමාජය – කඩුලු 9කට 127 (පන්දුවාර 20)
තවීෂ අභිශේක් 52; රචින්ත ද සිල්වා 16/2, ට්‍රවීන් මැතිව් 12/2, ඉසිත විජේසුන්දර 25/3
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – කඩුලු 5කට 131 (පන්දුවාර 16.2)
තනුජ රාජපක්ෂ 27, රනේෂ් සිල්වා 23.
ටැමිල් යූනියන් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය – කඩුලු 9කට 115 (පන්දුවාර 20)
ලක්වින් අබේසිංහ 29, අමේෂ් තේන්නකෝන් 24, අනන්තන් කාජන් නොදැවී 33; තරිඳු රත්නායක 20/2 විහස් තෙව්මික 13/2, තනුක දාබරේ 21/2, විජයකාන්ත් වියස්කාන්ත් 21/2
ටැමිල් යූනියන් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය – කඩුලු 5කට 116 (පන්දුවාර 14.3)
නවෝද් පරණවිතාන 51; වතිල උදාර 17/4
එස්. එස්. සී. කණ්ඩායමට ලකුණු 57ක ජයක්.
එස්.එස්.සී. – කඩුලු 7කට 167 (පන්දුවාර 20)
ශෙවෝන් ඩැනියෙල් 81, රිවිත් ජයසූරිය 20; සහන් මිහිර 13/3
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී 110 (පන්දුවාර 17.3)
ශලින් ද මැල් 27, නිපුන් රංසික 23; ප්‍රමෝද් මදුශාන් 19/2, කසුන් රාජිත 22/3, දුනිත් වෙල්ලාලගේ 10/2





