slc
logo
Home   |    News
අගෝස්තු 21, 2026
දෙවැනි ටෙස්ට් තරගයේදී කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේට කැඳවුම්

sinhala editor

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමඟින් සූදානම් වෙයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් පරාජයට පත්වීමෙන් අනතුරුව, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී තරගාවලිය සම කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙහිදී එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කරන කමිල් මිෂාරට සහ සහන් ආරච්චිගේට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

ආරම්භක පිතිකරු ස්ථානය සඳහා ලහිරු උදාර සමඟ කමිල් මිෂාර ක්‍රීඩා කිරීමට නියමිත අතර, නිශාන් මධුෂ්ක වෙනුවට මිෂාරට අවස්ථාව ලබාදීමට නියමිතය. මධුෂ්ක අවසන් ටෙස්ට් ඉනිම් හයේදී රැස් කර ඇත්තේ ලකුණු 23, 2, 6, 20, 0 සහ 6ක් පමණි.

එක්දින සහ විස්සයි-20 ජාතික කණ්ඩායම්වලට කැඳවීමෙන් අනතුරුවද තම පිතිකරණ දක්ෂතාව මැනවින් ප්‍රදර්ශනය කළ කමිල් මිෂාර, එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව පන්දු 72කදී නොදැවී ලකුණු 145ක් රැස් කළේය.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදීද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මිෂාර, ලකුණු 411ක් රැස් කරමින් තරගාවලියේ ඉහළම දක්ෂතා දැක්වූ පිතිකරුවන් අතරට එක්විය. එහිදී ඔහුගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 51.37ක් වූ අතර, ප්‍රහාරාත්මක වේගය 165ක් විය.

මේ අතර, පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර අංක 3 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිතය. සහන් ආරච්චිගේ කණ්ඩායමට අතිරේක පිතිකරණ ශක්තියක් එක් කරනු ඇත.

ගාල්ලේදී පළමු ටෙස්ට් තරගය ජයගත් ඉන්දීය කණ්ඩායම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණේ පසුවන බැවින්, එස්.එස්.සී. හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට තරගාවලිය සම කිරීමට තීරණාත්මක තරගයක් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම

  1. ලහිරු උදාර
  2. කමිල් මිෂාර
  3. පසිඳු සූරියබණ්ඩාර
  4. කමිඳු මෙන්ඩිස්
  5. ධනංජය ද සිල්වා
  6. සොනාල් දිනූෂ
  7. නිරෝෂන් දික්වැල්ල
  8. කේසර නුවන්ත
  9. ප්‍රභාත් ජයසූරිය
  10. ලහිරු කුමාර
  11. අසිත ප්‍රනාන්දු
  12. විශ්ව ප්‍රනාන්දු
  13. මිලාන් රත්නායක
  14. සහන් ආරච්චිගේ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee