ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළ කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේදී පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරන නිලක්ෂිකා ද සිල්වා පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව සිය කණ්ඩායම කඩුලු දෙකක ජයග්‍රහණයක් කරා රැගෙන ගියාය.
පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නාවික හමුදා ක්‍රීඩා සමාජය පන්දුවාර 49.1කදී සියලු දෙනා දැවී ලකුණු 194ක් රැස් කළේය. එහිදී හර්ෂිතා සමරවික්‍රම පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟ ලකුණු 84ක් රැස් කරමින් නාවික හමුදා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූවාය.
නාවික හමුදා ඉනිම සීමා කිරීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 32කට කඩුලු 4ක් දවාගත් අතර ප්‍රමුදි මෙත්සරා කඩුලු 3ක් දවා ගත්තාය.
ජයග්‍රහණය සඳහා ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය පානදුර ක්‍රීඩා සමාජය පන්දුවාර 45කදී කඩුලු 8ක් දැවී ලකුණු 198ක් ලබා ගනිමින් ජය තහවුරු කර ගත්තේය. එහිදී නිලක්ෂිකා ද සිල්වා පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 78ක් රැස් කරමින් ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා බවට පත්වූවාය. ඇයට අනගි සහයක් ලබාදුන් සුගන්දිකා කුමාරි ලකුණු 49ක් රැස් කළාය.
මේ අතර කොළඹ සීසීසී ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු දෙකකින් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පරාජය කළේය.
පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පන්දුවාර 33.3කදී ලකුණු 67කට දැවී ගිය අතර, දාරියා දිසානායක ලකුණු 21කට කඩුලු 4ක් සහ සුභද්‍රා සවනි ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් කෝල්ට්ස් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
ලකුණු 68ක පහසු ඉලක්කයක් හඹා ගිය කොළඹ ක්‍රිකට් සමාජය පන්දුවාර 28.3කදී කඩුලු 8ක් දැවී ලකුණු 68ක් ලබා ගනිමින් කඩුලු දෙකක ජයක් හිමිකර ගත්තේය.
කොළඹ ක්‍රිකට් සමාජයට කඩුලු 2ක ජයක්.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 67 සියලු දෙනා දැවී (පන්දුවාර 33.3)
විශ්මි සොයිසා 13
දාරියා දිසානායක 21/4, සුභද්‍රා සවනි 10/4
කොළඹ ක්‍රිකට් සමාජය – 68/8 (පන්දුවාර 28.3)
යශෝධා මෙන්ඩිස් 25
ජනාදි අනාලි 23/3, සෙව්මිණි සසිකලා 07/2
පානදුර ක්‍රීඩා සමාජයට කඩුලු 2ක ජයක්.
නාවික හමුදා ක්‍රීඩා සමාජය – 194 සියලු දෙනා දැවී (පන්දුවාර 49.1)
හර්ෂිතා සමරවික්‍රම 84, හසිනි පෙරේරා 23
සුගන්දිකා කුමාරි 32/4, ප්‍රමුදි මෙත්සරා 25/3, දේවගී ජෙගනාදන් 37/2
පානදුර ක්‍රීඩා සමාජය – 198/8 (පන්දුවාර 45.0)
නිලක්ෂිකා ද සිල්වා නොදැවී 78, සුගන්දිකා කුමාරි 49, විමෝක්ෂා බාලසූරිය 30
ඉනෝකා රණවීර 53/3



