slc
logo
Home   |    News
අගෝස්තු 15, 2026
පඩික්කාල්ගේ ශතකයෙන් ඉන්දියාවට ශක්තිමත් ආරම්භයක්

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා–ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 73කට සීමා වූ නමුත්, දේව්දත් පඩික්කාල්ගේ විශිෂ්ට ශතකයත් සමඟ ඉන්දියාව දිනය අවසන් කළේ කඩුලු 2ක් දැවී ලකුණු 288ක් රැස්කරමිනි.

පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී රැස් කරන ලද ලකුණු 131ක ඉනිම, පඩික්කාල්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය ලෙසින්ද සටහන් විය. එමෙන්ම, ඉන්දියාව වෙනුවෙන් අංක 3 ස්ථානයේ පිතිකරුවකු ශතකයක් රැස් කර තිබුණේ අවසන් වරට ටෙස්ට් තරග 20කට පෙර වන අතර, පඩික්කාල්ගේ ශතකයත් සමඟ එම දිගු නිහැඬියාවද අවසන් විය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, යෂස්වි ජයිස්වාල් සහ කේ. එල්. රාහුල් ඉනිම ආරම්භ කළහ. ආරම්භක අවස්ථාවේදී තණතීරුව පිතිකරුවන්ට ඉතා යෝග්‍ය තත්ත්වයක පැවති අතර, නව පන්දුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සැලකිය යුතු දෝලනයක් හෝ පන්දුවේ හැරීමක් ලබාගැනීමට නොහැකි විය.

කෙසේ වෙතත්, පළමු පැයේ අවසානයේ ශ්‍රී ලංකාවට පළමු කඩුල්ල හිමිවූයේ දුවද්දී දැවී යාමකිනි. මංගල ටෙස්ට් තරගයට එක්වූ කේශර නුවන්තගේ පන්දුවකට රාහුල් මිඩ්-ඕෆ් ප්‍රදේශයට පහරක් එල්ල කර ලකුණක් සඳහා දිව ගිය අවස්ථාවේදී, ජයිස්වාල් සහ නුවන්ත අතර සිදුවූ ගැටීමකින් අනතුරුව ජයිස්වාල් බිම ඇද වැටුණි.

එහිදී පිතිකරුවන් දෙදෙනාම පන්දු යවන්නනාගේ අන්තයේ රැඳී සිටි අතර, වසර තුනකට පසුව ටෙස්ට් කණ්ඩායමට එක්වූ නිරෝෂන් දික්වැල්ල එම අවස්ථාව නිවැරදිව ප්‍රයෝජනයට ගනිමින් ජයිස්වාල් දුවද්දී දවා ගත්තේය.

ඉන් අනතුරුව පිටියට පැමිණි පඩික්කාල්, ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ විශිෂ්ට පාලනයකින් යුතුව පිතිහරඹයේ නිරත විය. පන්දුවට පිටුපස පාදයෙන් පහරදීම, අවස්ථාව අනුව සීමාවෙන් ඉදිරියට පැමිණ පන්දුවට පහර දීම සහ ස්වීප් පහර භාවිතා කිරීම මගින් ඔහු ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කළේය. අනෙක් අන්තයේ සිටි රාහුල්ද ඉතා සැලසුම් සහගතව පිතිහරඹයේ නිරත වූ අතර, ප්‍රභාත් ජයසූරියට එරෙහිව ඉදිරියට පැමිණ එල්ල කළ දැවැන්ත හයේ පහරද ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

කෙසේ වෙතත්, ලකුණු 77ක් ලබා සිටියදී පාදයේ මාංශපේෂීවල ඇති වූ වේදනාවක් හේතුවෙන් රාහුල් පිටියෙන් ඉවත් විය. තේ විවේකයෙන් පසුව යළි පිතිකරණයට පැමිණීමට උත්සාහ කළද, පිත්ත නිසි ලෙස අල්ලා ගැනීමට පවා අපහසු වූ බැවින් ඔහුට යළි පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

රාහුල් වෙනුවට පිටියට පැමිණි නායක ශුබ්මන් ගිල්ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ප්‍රභාත් ජයසූරිය අවස්ථාව ලබා නොදුන්නේය. ජයසූරියගේ පන්දුවකට සීමාවෙන් ඉදිරියට පිවිස එල්ල කරන ලද පහර වැරදී යෑමෙන් ගිල් ලකුණු 16කට දැවී ගියේ ගැඹුරු මිඩ්-ඕෆ්හිදී උඩපන්දුවක් ලබාදීමෙනි.

ගිල්ගේ කඩුල්ලත් සමඟ පන්දු යවන්නකු විසින් අද දිනයේදී ලබාගත් එකම කඩුල්ල ලෙස සනිටුහන් විය. ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට පළමු දිනයේදී ඉන්දීය පිතිකරුවන්ගෙන් ලැබුණු පීඩනය මැඩපැවැත්වීමට අපහසු විය.

දෙවැනි වර්ෂා විරාමයෙන් පසුව පිටියට පැමිණි පඩික්කාල් සහ රිෂාබ් පන්ට් අවසන් මිනිත්තු 40ක පමණ කාලය තුළ ලකුණු 48ක් එක් කළහ. ඒ අනුව ඉන්දියාව දිනය අවසන් කරන විට කඩුලු 3කට ලකුණු 288ක් ලබාගෙන සිටියේය.

ඉන්දියාව පළමු ඉනිම පන්දුවාර 73 කදී කඩුලු 3 කට ලකුණු 288 යි – (දේව්දත් පඩික්කාල් 131* (178), රිෂාබ් පාන්ට් 27* (36), කේ. එල්. රාහුල් 77, යෂස්වි ජයිස්වාල් 32, ශුබ්මන් ගිල් 16, ප්‍රභාත් ජයසූරිය 77/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee