slc
logo
Home   |    News
සැප්තැම්බර් 1, 2026
ටියර් ‘බී‘ විස්සයි-20 තරගවලදී තවත් අර්ධ ශතක හතරක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතරක් අගෝස්තු මස 31 වැනිදා නිමාවට පත්වූ අතර, එහිදී ලියෝ ක්‍රිකට් සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රිකට් සමාජය සහ යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය ජයග්‍රහණ වාර්තා කළහ.

මෙම තරග හතරේදී අර්ධ ශතක හතරක් වාර්තා වූ අතර, ලියෝ ක්‍රිකට් සමාජයේ අශාන් ප්‍රනාන්දු ලකුණු 54ක්ද, යුද හමුදා ක්‍රීඩා සමාජයේ ජනක සම්පත් ලකුණු 61ක්ද, මොරටුව ක්‍රීඩා සමාජයේ මදුසංක ප්‍රේමරත්න ලකුණු 51ක්ද, යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජයේ දමේස් මතිශාන් ලකුණු 60ක්ද රැස් කළහ.

ලියෝ පිලට ලකුණු 98ක දැවැන්ත ජයක්

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති ලියෝ ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ලකුණු 98ක ජයක් ලියෝ කණ්ඩායමට හිමි විය.

පළමුව පන්දුවට පහරදුන් ලියෝ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 174ක් රැස් කළ අතර, අශාන් ප්‍රනාන්දු ලකුණු 54ක්ද ප්‍රසාද් අසංක ලකුණු 40ක්ද ලබා ගත්හ. පන්දු යැවීමේදී කොශාන් ජයවික්‍රම කඩුලු 3ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාවික හමුදා කණ්ඩායමට පන්දුවාර 8යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 76ක් පමණි. සුපුන් ඩිල්ශාන් කඩුලු 3ක් සහ රොමේෂ් සුරංග කඩුලු 2ක් දවා ගත්හ.

යුද හමුදා පිලට ලකුණු 14ක තියුණු ජයක්

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති යුද හමුදා ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ලකුණු 14ක ජයක් යුද හමුදා කණ්ඩායමට හිමි විය.

පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 189ක් රැස් කළ අතර, ජනක සම්පත් ලකුණු 61කින් ඉනිම ශක්තිමත් කළේය. අශාන් සුදර්ශන ලකුණු 35ක් සහ අසේල ගුණරත්න ලකුණු 32ක් ලබා ගත්හ.

ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය මොරටුව කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 175ක් පමණි. මදුසංක ප්‍රේමරත්න ලකුණු 51ක් රැස් කළේය.

මීගමුව පිලට ලකුණු 48ක ජයක්

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මීගමුව ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ලකුණු 48ක ජයක් මීගමුව කණ්ඩායමට හිමි විය.

පළමුව පන්දුවට පහරදුන් මීගමුව කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 139ක් ලබාගත් අතර, දිමුත් සඳරුවන් ලකුණු 31ක්, සචිරු කුලසූරිය ලකුණු 28ක් සහ රිශ්ම අමරසිංහ නොදැවී ලකුණු 23ක් රැස් කළහ. කාවින්ද ඊශ්වර කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 140ක ඉලක්කයක් හඹා ගිය රාගම කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 1කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 91ක් පමණි. සසික ඩිල්ශාන් කඩුලු 3ක් සහ ශෙහාන් ප්‍රමෝද් කඩුලු 2ක් දවා ගත්හ.

දමේස්ගේ අර්ධ ශතකයෙන් යුනයිටඩ් සදර්න් පිලට ජයක්

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය සහ සෙබස්තියනයිට්ස් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ලකුණු 45ක ජයක් යුනයිටඩ් සදර්න් කණ්ඩායමට හිමි විය.

පළමුව පන්දුවට පහරදුන් යුනයිටඩ් සදර්න් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 143ක් රැස් කළ අතර, දමේස් මතිශාන් ලකුණු 60ක අගනා ඉනිමක් ක්‍රීඩා කළේය. අසන්ත බස්නායක නොදැවී ලකුණු 27ක් ලබා ගත්තේය.

ලකුණු 144ක ඉලක්කයක් හඹා ගිය සෙබස්තියනයිට්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 98ක් පමණි. මාලිංග සුරප්පුලිගේ ලකුණු 24ක් සහ රුසිරු විලෝචන ලකුණු 23ක් ලබා ගත් අතර, ලිඳුල නුවංග ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

ලකුණු සාරාංශය

ලියෝ ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයලියෝ කණ්ඩායමට ලකුණු 98ක ජයක්

ලියෝ ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී 174 (පන්දුවාර 20) – ප්‍රසාද් අසංක 40, අශාන් ප්‍රනාන්දු 54, කොශාන් ජයවික්‍රම 37/3
නාවික හමුදා ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී 76 (පන්දුවාර 8.4) – සංජීව කුමාරස්වාමි 17, සුපුන් ඩිල්ශාන් 17/3, රොමේෂ් සුරංග 17/2

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය – වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයයුද හමුදා කණ්ඩායමට ලකුණු 14ක ජයක්

යුද හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී 189 (පන්දුවාර 20) – අශාන් සුදර්ශන 35, ජනක සම්පත් 61, ක්‍රිශේන් අපෝන්සු 22, අසේල ගුණරත්න 32, මනුජ චන්තුක 48/2, මදුසංක ප්‍රේමරත්න 33/2

මොරටුව ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී 175 (පන්දුවාර 20) – උශේන් සිල්වා 23, ශවිඳු සිල්වා 28, මදුසංක ප්‍රේමරත්න 51, මල්ක මදුශංක 09/2

මීගමුව ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයමීගමුව කණ්ඩායමට ලකුණු 48ක ජයක්

මීගමුව ක්‍රිකට් සමාජය – කඩුලු 7ක් දැවී 139 (පන්දුවාර 20) – රශ්මික මෙවන් 22, සචිරු කුලසූරිය 28, දිමුත් සඳරුවන් 31, රිශ්ම අමරසිංහ නොදැවී 23, කාවින්ද ඊශ්වර 26/3, මලීෂ සිල්වා 19/2
රාගම ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී 91 (පන්දුවාර 17.1) – රන්මිත් ජයසේන 22, හසිත් පෙරේරා 19, සසික ඩිල්ශාන් 21/3, ශෙහාන් ප්‍රමෝද් 12/2

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය සහ සෙබස්තියනයිට්ස් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය – වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයයුනයිටඩ් සදර්න් කණ්ඩායමට ලකුණු 45ක ජයක්

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී 143 (පන්දුවාර 20) – දමේස් මතිශාන් 60, අසන්ත බස්නායක නොදැවී 27, සුතර්සන් සුබර්නන් 23/2, මාලිංග මලිගස්පෙ 18/2
සෙබස්තියනයිට්ස් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී 98 (පන්දුවාර 19.4) – මාලිංග සුරප්පුලිගේ 24, රුසිරු විලෝචන 23, ධනෝශ් ද සිල්වා 17/2, ලිඳුල නුවංග 20/4, කසුන් සේනාධීර 26/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee