slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2026
අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 අර්ධ අවසන් පූර්ව කණ්ඩායම් තීරණය වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන 2026 ප්‍රධාන සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අද (5) පැවැති අවසන් තරග හයත් සමඟ නිමාවට පත්වූ අතර, ඒ සමඟින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අට තීරණය විය. අද පැවැති තරගවලදී ඒස් කැපිටල්, කොළඹ ක්‍රිකට් සමාජය, නෝන්ඩෙස්ක්‍රිප්ට්ස්, බදුරලිය, පොලිස් සහ මූර්ස් ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කළහ.

ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය, මූර්ස් ක්‍රීඩා සමාජය, සී.සී.සී. කණ්ඩායම සහ පොලිස් ක්‍රීඩා සමාජයද, ‘බී’ කාණ්ඩයෙන් සිංහල ක්‍රීඩා සමාජය, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය, එන්.සී.සී. කණ්ඩායම සහ පානදුර ක්‍රීඩා සමාජයද අර්ධ අවසන් පූර්ව වටයට එක්ව සිටිති.

අද දිනයේ වඩාත් කැපී පෙනෙන පිතිහරඹය ඉදිරිපත් කළේ ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ 20 හැවිරිදි තනුජ රාජපක්ෂය. ඔහු තම හයවැනි විස්සයි20 තරගයේදී පළමු විස්සයි20 ශතකය වාර්තා කරමින් පන්දු 66කදී නොදැවී ලකුණු 118ක් රැස් කළේය. ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහර 5කින් වර්ණවත් වූ අතර, එහි ප්‍රහාරාත්මක වේගය 178.78ක් විය.

රාජපක්ෂගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 193ක් රැස් කළ අතර, පන්දු යැවීමෙන් අනුක විජේවර්ධන ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් සිංහල ක්‍රීඩා සමාජයේ පිතිකරණය සීමා කිරීමට දායක විය. ඒස් කැපිටල් කණ්ඩායම එම තරගය ලකුණු 57කින් ජය ගත්තේය.

එන්.සී.සී සහ  කොල්ට්ස් ක්‍රිකට් සමාජය පරදා ලකුණු 18ක ජයක් ලබා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගත්තේය. එහිදී චමික කරුණාරත්න පන්දු 42කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 65ක් රැස් කරමින් ජයග්‍රහණයට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය.

කොළඹදී පැවැති තරගයකදී කොළඹ ක්‍රිකට් සමාජය කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය කඩුලු 8කින් පරාජය කළ අතර, නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 55ක් රැස් කරමින් එම ජයග්‍රහණය පහසු කළේය.

‘ඒ’ කාණ්ඩයේදී මූර්ස් ක්‍රීඩා සමාජය බී.ආර්.සී. කණ්ඩායම පරදා ලකුණු 38ක ජයක් වාර්තා කළේය. මූර්ස් ඉනිම ශක්තිමත් කළ සදීර සමරවික්‍රම පන්දු 36කදී ලකුණු 53ක්ද, පසිඳු සූරියබණ්ඩාර පන්දු 26කදී වේගවත් ලකුණු 51ක්ද රැස් කළහ.

පොලිස් ක්‍රීඩා සමාජය නුගේගොඩ ක්‍රීඩා හා සුභසාධක සමාජය කඩුලු 5කින් පරාජය කරමින් ජයග්‍රහණයක් වාර්තා කළ අතර, පන්දු යැවීමෙන් චතුරංග කුමාර ලකුණු 33කට කඩුලු 4ක් දවා ගනිමින් සිය විස්සයි20 ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම පන්දු යැවීම වාර්තා කළේය. පිතිකරණයෙන් භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 50ක් රැස් කරමින් පොලිස් කණ්ඩායමේ ජය තහවුරු කළේය.

මේ අතර, පානදුර ක්‍රීඩා සමාජය පරාජය කරමින් බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 4ක ජයක් වාර්තා කළේය.

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට ලකුණු 57ක ජයක්.

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – 193/4 (පන්දුවාර 20)
තනුජ රාජපක්ෂ නොදැවී 118, සුපුන් වඩුගේ 27; නිපුන් ධනංජය 37/2.

සිංහල ක්‍රීඩා සමාජය – 136/8 (පන්දුවාර 20)
රොන් චන්ද්‍රගුප්ත 46, අවිශ්ක ප්‍රනාන්දු 20; අනුක විජේවර්ධන 19/3.

සී.සී.සී. කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය – 91 (පන්දුවාර 19.1)
විකුම් සංජය 28; විශ්ව ප්‍රනාන්දු 3/17, චමිඳු විජේසිංහ 23/3, ඉනුක කරුණාගොඩ 12/2.

සී.සී.සී. කණ්ඩායම – 95/2 (පන්දුවාර 13.2)
නිශාන් මධුෂ්ක නොදැවී 55, අශේන් බණ්ඩාර නොදැවී 26.

එන්.සී.සී, කණ්ඩායමට ලකුණු 18ක ජයක්.

එන්.සී.සී. කණ්ඩායම – 158/9 (පන්දුවාර 20)
චාමික කරුණාරත්න නොදැවී 65, කවිඳු පතිරණ 41; හිරුෂ දෙව්මික 11/2, හර්ෂණ වික්‍රමසිංහ 21/2, අකිල ධනංජය 34/2.

කොල්ට්ස් ක්‍රිකට් සමාජය – 140 (පන්දුවාර 20)
කවිජ ගමගේ 36, අකිල ධනංජය 34, නිපුන් රන්සික 32; කවිඳු පතිරණ 22/3.

පොලිස් ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්.

නුගේගොඩ ක්‍රීඩා සමාජය – 160/6 (පන්දුවාර 20)
විනුෂ්ක සිල්වා 43, පුලින්දු පෙරේරා 31, ලහිරු දවටගේ 26, සම්මු ආශාන් 20, රාහුල් ගුණසේකර 20; චතුරංග කුමාර 33/4.

පොලිස් ක්‍රීඩා සමාජය – 161/5 (පන්දුවාර 19)
භානුක රාජපක්ෂ නොදැවී 50, නදීර බාලසූරිය 28, මොහොමඩ් ෂමාස් 21; සම්පත් නිශ්ශංක 38/2.

මුවර්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 38ක ජයක්.

මුවර්ස් ක්‍රීඩා සමාජය – 204/7 (පන්දුවාර 20)
සදීර සමරවික්‍රම 53, පසිඳු සූරියබණ්ඩාර 51, රමේෂ් මෙන්ඩිස් 33, සොහාන් ද ලිවේරා 32; තිළංග උදේශාන් 40/3, තරුෂ්ක ඇෂල් 47/2.

බී.ආර්.සී. කණ්ඩායම – 166/7 (පන්දුවාර 20)
ඉසුරු ප්‍රනාන්දු 34, පවන් සඳේෂ් 26, තරුෂ්ක ඇෂල් 22, මොහොමඩ් ශිරාස් නොදැවී 21; ඉඳුවර උදේන 26/3.

බදුරලිය ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක්.

පානදුර ක්‍රීඩා සමාජය – 148/7 (පන්දුවාර 20)
කලණ පෙරේරා නොදැවී 33, ශලිත් ප්‍රනාන්දු 32, තවීෂ අභිෂේක් 22; සිතුම් දිසානායක 34/2.

බදුරලිය ක්‍රීඩා සමාජය – 152/6 (පන්දුවාර 18.2)
දිල්ෂාන් ද සොයිසා 45; නවින්දු ප්‍රභාෂ් 34/3, අසංක මනෝජ් 34/2.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar