slc
logo
Home   |    News
ඔක්තෝබර් 12, 2026
ශ්‍රී ලංකා බාළිකාවෝ අවසන් සටනට සුදුසුකම් ලබා ගනිති

sinhala editor

පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ලබන 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා ස්ථානය ස්ථීර කර ගැනීමටද සමත්වූහ.

ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 105ක් රැස් කළේය. එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 13.3කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 106ක් ලබාගනිමින් පහසු ජයක් වාර්තා කළහ.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධානතම දායකත්වය ලබාදුන් ලිමන්සා තිලකරත්න පන්දුවෙන් ලකුණු 14කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූවාය. අනතුරුව පිත්තෙන් නොදැවී ලකුණු 16ක් රැස් කළ ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන ලැබුවාය.

පාකිස්තාන ඉනිම වෙනුවෙන් අක්සා හබීබ් ලකුණු 20ක් සහ ෂහාර් බානෝ නොදැවී ලකුණු 24ක් රැස් කළහ. කොමාල් ඛාන් ලකුණු 12ක් ලබාගත් අතර, සෙසු පිතිකාරිනියන්ට දිගු ඉනිමක් ගොඩනැගීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදුන්හ.

පන්දු යැවීමේදී ලිමන්සාට අමතරව යේශාලි ජිතාරා ලකුණු 20කට කඩුලු 2ක් දවාගත් අතර, චමුදි ප්‍රබෝධා ලකුණු 9කට එක් කඩුල්ලක් සහ නෙත්මි උපේක්ෂා ලකුණු 8කට එක් කඩුල්ලක් බිඳ හෙළූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් සංජනා කාවින්දි පන්දු 28කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 46ක් රැස් කළාය. ඇය සහ නෙත්මි උපේක්ෂා අතර ගොඩනැඟුණු වේගවත් පිතිහරඹය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උපකාරී විය.

නෙත්මි උපේක්ෂා පන්දු 9කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 16ක් රැස් කළ අතර, ලිමන්සා තිලකරත්න නොදැවී ලකුණු 16ක් ලබාගත්තාය. විමෝක්ෂා බාලසූරිය ලකුණු 10ක් ද, ශෂිනි ගිම්හානි ලකුණු 9ක් ද ලබාගත්හ.

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 8කට ලකුණු 105යි – (ෂහාර් බානෝ නොදැවී 24, අක්සා හබීබ් 20, රවයිල් ෆර්හාන් 14, ලිමන්සා තිලකරත්න 14/3, යේශාලි ජිතාරා 20/2, චමුදි ප්‍රබෝධා 9/1, නෙත්මි උපේක්ෂා 8/1)

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 13.3කදී කඩුලු 4කට ලකුණු 106යි. (සංජනා කාවින්දි 46, නෙත්මි උපේක්ෂා 16, ලිමන්සා තිලකරත්න නොදැවී 16, විමෝක්ෂා බාලසූරිය 10; මහ් නූර් 24/1, රොසිනා අක්‍රම් 28/1)

Active filters

Recent Posts

  • හොංකොං සික්සර්ස් යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය සංගීත් කුරේට
    ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වීමට නියමිත 2026 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හත්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ. […]
  • මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යති
    කුසල් මෙන්ඩිස්ගේ නොබිඳුණු ලකුණු 87ත්, කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුණු ලකුණු 40ත් එක්වූ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව අද (13 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා […]
  • අංජල ටෙස්ට් දොරටුව අභියසට – එෂාන් මාලිංගත් ටෙස්ට් සංචිතයට
    පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත […]
  • ශ්‍රී ලංකා බාළිකාවෝ අවසන් සටනට සුදුසුකම් ලබා ගනිති
    පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම […]
  • දෙවැනි විස්සයි-20 ත් පාකිස්තානුවෝ ජය ගනිති
    මාස් සදාකත්ගේ වේගවත් ලකුණු 96ත්, නායක සහිබ්සාදා ෆර්හාන්ගේ ලකුණු 73ත් හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ පාකිස්තාන කණ්ඩායම, ශ්‍රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee