slc
logo
Home   |    News
ඔක්තෝබර් 2, 2026
පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම නම් කරයි

sinhala editor

පාකිස්තාන අවුරුදු 17න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම නම් කර තිබේ. ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 4 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම සංචාරයට තෙදින තරගයක් සහ එක්දින තරග පහක් ඇතුළත් වන අතර, එය ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් වනු ඇත.

කණ්ඩායමේ නායකත්වය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ස්ටෙවෝන් පීරිස්ට හිමිව ඇති අතර, රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සඳරු මල්ෂාන් උපනායකයා ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම

  1. මෙතුක ගුණරත්න – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය
  2. යෙනුල හේවාවිතාරණ – මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය
  3. ෂැනන් සිල්වා – කඳාන ද මැසනඩ් විද්‍යාලය
  4. රෙෂෝන් සොලමන්ස් – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය
  5. ස්ටෙවෝන් පීරිස් (නායක) – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය
  6. චෙනුක දොඩංගොඩ – කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය
  7. මහිරු කොඩිතුවක්කු – කොළඹ රාජකීය විද්‍යාලය
  8. තිසංග පෙරේරා – කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය
  9. සඳරු මල්ෂාන් (උපනායක) – රත්ගම දේවපතිරාජ විද්‍යාලය
  10. ශෂිත් බණ්ඩාර – මහනුවර ධර්මරාජ විද්‍යාලය
  11. තරුක සමන්ජිත් – පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
  12. චෙනුල් හතරසිංහ – දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය
  13. අදීෂ ලක්ෂාන් – මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය
  14. රවීන් සචින්ත – මාතර ශාන්ත තෝමස් විද්‍යාලය
  15. කලින්දු සචින්තන – පුත්තලම ශාන්ත ඇන්ඩෲස් විද්‍යාලය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee