slc
logo
Home   |    News
ඔක්තෝබර් 31, 2026
හොංකොං සික්සස් අවසන් දිනයේදී ශ්‍රී ලංකාව හත්වැනි ස්ථානය වෙනුවෙන් සටනක

sinhala editor

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අද (31 වැනිදා) පැවැති තරග දෙකම පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ශූරතාව වෙනුවෙන් සටන් කිරීමේ අවස්ථාව අහිමි විය. ඒ අනුව හෙට (නොවැම්බර් 1 වැනිදා) පැවැත්වෙන අවසන් දිනයේදී හත්වැනි සහ අටවැනි ස්ථාන තීරණය කෙරෙන තරගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

කාණ්ඩ තරග වටයේදී ස්කොට්ලන්තය හමුවේ ලකුණු 26ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම, අනතුරුව පැවැති ප්ලේට් කාණ්ඩයේ අවසන් පූර්ව තරගයේදී ඕමානය හමුවේ කඩුලු 5 ක පරාජයක් ලැබීය.

ස්කොට්ලන්තය පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 144ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ඕවර 6 අවසානයේ කඩුලු 3ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 118ක් පමණි.

ඉන් අනතුරුව ඕමානය සමඟ පැවැති ප්ලේට් අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව ඕවර 6කදී කඩුලු 5ක් දැවී ලකුණු 92ක් රැස් කළේය. එම ඉලක්කය ඕවර 4.4කදී එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යෑමට ඕමාන පිතිකරුවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශේන් හලඹගේ පන්දු 12කදී ලකුණු 37ක් ද, මොවින් සුබසිංහ පන්දු 10කදී ලකුණු 28ක් ද රැස් කළහ.

ඒ අනුව හෙට පැවැත්වෙන හත්වැනි සහ අටවැනි ස්ථාන තීරණය කෙරෙන තරගයේදී ශ්‍රී ලංකාවට හමුවන්නේ සත්කාරක හොංකොං කණ්ඩායමයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.05ට පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ අවසන් දිනයේදී පැවැත්වෙන මෙම තරගයෙන් ජයග්‍රහණය කරමින් හත්වැනි ස්ථානයෙන් තරගාවලිය අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වනු ඇත.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය

ස්කොට්ලන්තයට ලකුණ් 26 ක ජයක්

ස්කොට්ලන්තය පන්දුවාර 6 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 1443 යි – ෆින්ලේ මැක්‍රීත් 26 (7), මයිකල් ලීස්ක් නොදැවී 70 (15), ජැක් ජාවිස් 10 (5), ලයිල් රොබට්සන් 10 (4), ජැස්පර් ඩේවිඩ්සන් 22 (6), මුදිත ලක්ෂාන් 45/2, රවිඳු ප්‍රනාන්දු 14/1, සචිත ජයතිලක 26/1

ශ්‍රී ලංකාව පන්දුවාර 6 කදී කඩුලු 3 ට ලකුණු 118 යි – විශේන් හැලඹගේ 30 (12), සංගීත් කුරේ 22 (9), සචිත ජයතිලක නොදැවී 28 (9), මුදිත ලක්ෂාන් නොදැවී 28 (5), ජැස්පර් ඩේවිඩ්සන් 23/3, මයිකල් ලීස්ක්

ශ්‍රී ලංකාව සහ ඕමානය

ඕමානයට කඩුලු 9 ක ජයක්

ශ්‍රී ලංකාව පන්දුවාර 6 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 92 යි – විශේන් හලඹගේ 37 (12), මොවින් සුබසිංහ 28 (10), සචිත ජයතිලක 17 (8), මුසාහිර් රාසා 27/2, අමීර් කලීම් 17/1, සොහයිබ් අමානාත් 11/1

ඕමානය ප න්දුවාර 4.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 93 යි – සොහයිබ් අමානාත් නොදැවී 43 (13), උස්මාන් අෆ්රිඩි 46 (14), මුදිත ලක්ෂාන් 8/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee