slc
logo
Home   |    News
ඔක්තෝබර් 11, 2026
දෙවැනි විස්සයි-20 ත් පාකිස්තානුවෝ ජය ගනිති

sinhala editor

මාස් සදාකත්ගේ වේගවත් ලකුණු 96ත්, නායක සහිබ්සාදා ෆර්හාන්ගේ ලකුණු 73ත් හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ පාකිස්තාන කණ්ඩායම, ශ්‍රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 82ක පහසු ජයක් වාර්තා කළේය. ඒ සමඟම තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානුවෝ සමත්වූහ.

අනුව ඔක්තෝබර් 11 වැනිදා පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 215ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණි.

කාසියේ වාසියෙන් පසුව පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ සහිබ්සාදා ෆර්හාන් සහ ෆකාර් සමාන් පළමු කඩුල්ලට ලකුණු 55ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. ෆකාර් සමාන් පන්දු 17කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා දැවී ගිය ද, ෆර්හාන් සිය ප්‍රහාරාත්මක පිතිහරඹය අඛණ්ඩව පවත්වාගෙන ගියේය.

ෆර්හාන් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 73ක් රැස් කළේය. ඔහුගේ ඉනිම පාකිස්තාන ලකුණු වේගය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය.

එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වඩාත්ම හිසරදයක් වූයේ මාස් සදාකත්ගේ ප්‍රහාරයයි. පන්දු 51කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 96ක් රැස් කළ ඔහු, ශතකය පෙනෙන මානයේ සිටියදී ඉනිම අවසන් කළේය. ඔහු සහ ෆර්හාන් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් ගොඩනැඟූ අතර, සදාකත් අවසන් පන්දුවාරයේදී දැවී යෑමෙන් පාකිස්තානයේ තෙවැනි කඩුල්ල අහිමි විය. හසන් නවාස් පන්දු 9කදී නොදැවී ලකුණු 19ක් ලබා ගනිමින් ඉනිමේ අවසන් භාගයට තවත් වේගයක් එක් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ, එෂාන් මාලිංග සහ දසුන් ශානක කඩුල්ල බැගින් දවා ගත්හ. එහෙත් පාකිස්තාන පිතිකරුවන්ගේ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පන්දුවාරයකට ලකුණු 10.75ක වේගයක් පාලනය කර ගැනීමට නොහැකි විය.

ලකුණු 216ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භයේ සිටම අවශ්‍ය ලකුණු වේගය පවත්වාගෙන යෑමට නොහැකි විය. ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 5කට දැවී ගිය අතර, සිනෙත් ජයවර්ධන ලකුණු 22ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 9ක් ලබා දැවී ගියහ.

ශ්‍රී ලංකා ඉනිම තවත් අසීරු තත්ත්වයකට ඇද දැමූ මොහොමඩ් ඉම්රාන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 11කට කඩුලු 3ක් දවා ගත්තේය. සල්මාන් මිර්සා ද කඩුලු 2ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරණ පෙළට පීඩනයක් එල්ල කළේය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 23ක් සහ චරිත් නොවූ ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රහාරාත්මක දායකත්වය චමිඳු වික්‍රමසිංහගෙන් ලැබිණි. ඔහු පන්දු 24කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් රැස් කළේය. මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 32ක් ලබා ගනිමින් අවසන් භාගයේදී ලකුණු පුවරුව ඉහළ නැංවීමට උත්සාහ කළ ද, එය තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට ප්‍රමාණවත් නොවීය.

මොහොමඩ් ඉම්රාන් ලකුණු 11කට කඩුලු 3ක් දවා ගැනීම තරගයේ ශ්‍රී ලංකා ඉනිම පාලනය කළ ප්‍රධානතම පන්දු යැවීම වූ අතර, සල්මාන් මිර්සා ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 133කට සීමා වූ අතර, පාකිස්තානයට ලකුණු 82ක ජයක් හිමි විය.

පාකිස්තානය – කඩුලු 3ක් දැවී 215 (පන්දුවාර 20) – මාස් සදාකත් නොදැවී 96, සහිබ්සාදා ෆර්හාන් 73, ෆකාර් සමාන් 22, හසන් නවාස් නොදැවී 19, මහීෂ් තීක්ෂණ 55/1, එෂාන් මාලිංග 41/1, දසුන් ශානක 30/1.

ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී 133 (පන්දුවාර 20) – මහීෂ් තීක්ෂණ නොදැවී 32, චමිඳු වික්‍රමසිංහ 29, කමිඳු මෙන්ඩිස් 23, සිනෙත් ජයවර්ධන 22, මොහොමඩ් ඉම්රාන් 11/3, සල්මාන් මිර්සා 28/2, සයිම් අයුබ් 19/1, ශඩාබ් ඛාන් 19/1.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee