slc
logo
Home   |    News
ජූලි 30, 2019
කුලසේකරගේ සමුගැනීමට ක්‍රිකට් ආයතනය ඉඩ වෙන් කරයි

Sri Lanka Cricket

මීට දින කීපයකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් බව නිවේදනය කරන ලද වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරට සිය සමුගැනීම සංකේතවත් කිරීම වෙනුවෙන් සුභ පැතුම් පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 31 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි තරගයේදී එම ඇගැයීමේ උළෙල පැවැත්වෙනු ඇත.

එංගලන්තයට එරෙහිව 2003 වසරේදී එක්දින වරම් ලද නුවන් කුලසේකර 2014 වසරේදී බංග්ලාදේශයේ පැවැති විස්සයි-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා ගැනීම වෙනුවෙන් ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව අනුශූරතාවයට පත් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු ලෙසින් කටයුතු කරන ලද කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2009 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට තේරී පත්විය.

අදාළ සුභ පැතුම් පිරිනැමීමේ උත්සවය සංවිධානය කිරීම පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා, ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද කාල සීමාව තුළ නුවන් කුලසේකර කණ්ඩායමට සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරන ලද ක්‍රීඩකයෙක් වූ බවයි. “ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයකු වන නුවන් කුලසේකර ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ලද කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළ ක්‍රීඩකයෙක්. ඔහු පිටියේ කළ දායකත්වය ජාතික කණ්ඩායමට විශාල වශයෙන් සාර්ථකත්වයක් ගෙනාවා. ඔහුට ඉදිරියට යෑමට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි”යි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

ශම්මි සිල්වා මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා ද අදහස් දක්වමින්,  “ඔහු පිටියේදීත් ඉන් පිටතත් ආදර්ශමයත් චරිතයක් වූ අතර තරුණ ක්‍රීඩකයින්ට ඔහුගෙන් ලබාගත හැකි දේවල් ගොඩක් තියෙනවා. සරල බව සහ විනීත භාවය කුලසේකරගේ ක්‍රිකට් දිවියේ විශේෂ ලක්ෂණයක් වූ අතර එය පිටියේදීත් ඉන් පිටතදීත් දැක ගත හැකි වුණා” යි පවසා සිටියේය.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලබන 31 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest