slc
logo
Home   |    News
ජූලි 15, 2019
නැගී එන කණ්ඩායම් අතර තුන්කොන් සටනේ ජය ශ්‍රී ලංකාවට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය යටතේ සති 2 ක කාලයක් පුරාවට පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්විය. දකුණු අප්‍රිකානු සරසවි කණ්ඩායම සමඟ පැවැති අදාළ අවසන් මහ තරගයේදී කඩුලු 8 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම් ක්‍රීඩකයෝ අදාල සුවිශේෂී කුසලාන ශ්‍රී ලංකාවට දිනා දුන්හ.

දිවා තරගයක් ලෙසින් ප්‍රිටෝරියාහිදී පැවැති මෙම තරගයේදී කාසියේ වාසි දිනූ චරිත් අසලංකගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු සරසවි කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 180 ක් ලබා ගත් අතර එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පිතිකරුවෝ අදාළ ඉලක්කය පන්දු 74 ක් තුළදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 2 ක් පමණක් අහිමි කරගනිමිනි. ශ්‍රී ලංකාව ලද මෙම ජයග්‍රහණය සමස්ථ තරගාවලියේ ලද පස්වැනි ජයග්‍රහණය විය.

ජයග්‍රාහී ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් යළිත් සාර්ථක වූ පැතුම් නිස්සංක පන්දු 108 කදී ලකුණු 84 ක් ලබා සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වන තෙක්ම තම අන්තය ආරක්ෂා කරගත්තේය. හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් වර්ණවත් වුණු පැතුම්ගේ ඉනිමට පසු වැඩිම ලකුණු ලද පිතිකරුවා කමිඳු මෙන්ඩිස් පත්විය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සමඟ ලකුණු 85 ක සම්බන්ධතාවයකට දායක වූ කමිඳු මෙන්ඩිස් පන්දු 77 කට මුහුණ දෙමින් ලකුණු 40 ක් ලබාගත්තේය.

Final Match - SL Emerg

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමේ සමස්ථයක් ගත් විට සෑම කඩුල්ලකම සාර්ථක සම්බන්ධතාවන් වාර්තා වීම මෙම පහසු ජයග්‍රහණයට ප්‍රධාන හේතු සාධක විය. 38 වැනි පන්දුවාරයේ සිවුවැනි පන්දුවේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ජයග්‍රහණය සපුරා ගනිද්දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් නායක චරිත් අසලංක පන්දු 21 කදී ලකුණු 29 ක් ලබා සිටියේය.

මෙම තරගාවලියේ බොහෝ තරග හඹා ගොස් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන පිල සමත්වී සිටීම නිසා මෙම තරගයේදීද ශ්‍රී ලංකා පිල හඹා යෑම තෝරා ගනු ලැබීය. බලාපොරොත්තු වූ පරිදිම මුල් පෙළ අසරණ කර දැමූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු පිලේ මුලු ලකුණු සංඛ්‍යාව 49 ක් වද්දී ඉදිරි පෙළ පිතිකරුවන් සිවු දෙනෙකුම දවා ගැනීමට සමත්වූයේ තම නායකයාගේ බලාපොරොත්තු 100% ක් සපුරාලමිනි.

කඩා වැටුණු දකුණු අප්‍රිකානු පිලට යම් සහනයක් ගෙන එන ලද්දේ ඩෙලානෝ පොගීටර් සහ රුබින් හර්මන් අතර ගොඩ නැංවුණු පස්වැනි කඩුල්ලේ ලකුණු 75 ක සම්න්ධතාවයයි. ලකුණු 75 ක් ගොඩ නැංවුණද මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන් දෙපළව කෙතරම් ග්‍රහණයකට හසුරකර ගෙන සිටියේද කිවහොත් එම සම්බන්ධතාවය සඳහා පන්දු 150 ක් යැව වී තිබුණි. ඒ වෙනුවෙන් පොගීටර් රැස් කරගත් ලකුණු 52 කට පන්දු 88 කටද හර්බන් රැස් කරන ලද ලකුණු 63 ට පන්දු 93 කටද මුහුණ දී තිබුණහ. පන්දු යැවීමෙන් කැපී පෙනුණු ළහිරු මධුසංඛ ලකුණු 35 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූවේය.

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා නැගී එන පිල නිල නොවන සිව් දින ටෙස්ට් තරග 2 කට සහභාගිවීමට නියමිත අතර එහි පළමු තරගය ලබන 18 වැනිදා පොචෙස්ටෲම්හිදී ද දෙවැන්න ලබන 25 වැනිදා ප්‍රෙටෝරියාහිදීද පැවැත්වෙනු ඇත.

ලකුණු සාරාංශය – දකුණු අප්‍රිකානු සරසවි පිල පන්දුවාර 50 දී 180/7 යි – (ඩෙලානෝ පොගීටර් 52, රුබින් හර්මන් (නොදැවී) 63, ලෙසෙගෝ සෙනෝක්වේන් 19, ළහිරු මධුසංඛ 35/4)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 37.4 කදී 184/2 යි – (පැතුම් නිස්සංක (නොදැවී) 84, කමිදු මෙන්ඩිස් 40, චරිත් අසලංක (නොදැවී) 29,  සඳුන් වීරක්කොඩි 26)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee