slc
logo
Home   |    News
ජූනි 3, 2026
දේශීය දක්ෂතා මත නවකයන්ට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවෘත වෙයි

sinhala editor

ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල ‘ඒ’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් දඹුල්ලේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාත්, එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහාත් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිත නම් කර තිබේ.

යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියෙන් පසුව ජාතික තේරීම් කමිටුව විසින් මෙම සංචිත ප්‍රකාශයට පත් කර ඇති අතර, එක්දින හා සිව්දින කණ්ඩායම් දෙකේම නායකත්වය සහන් ආරච්චිගේට පවරා ඇත. මෑත කාලයේ දේශීය ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ සහන්ට මෙම නායකත්වය හිමිවීම විශේෂත්වයක් වන අතර, කණ්ඩායම් දෙකෙහිම උපනායක ලෙස අත්දැකීම් සපිරි කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල නම් කර තිබේ.

මෙම සංචිතවලට ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටීමද විශේෂත්වයකි. තුන්කොන් එක්දින තරගාවලිය සඳහා නම් කර ඇති සංචිතයට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, චාමික කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ල වැනි ක්‍රීඩකයන් ඇතුළත් වී සිටිති. ඔවුන්ගේ අත්දැකීම් තරුණ ක්‍රීඩකයන්ට මහත් ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම, සිව්දින තරගාවලිය සඳහා නම් කර ඇති සංචිතයට පසුගිය නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ කවිඳු පතිරත්න ඇතුළත් කර තිබීම අවධානයට ලක්ව ඇත. මීට අමතරව සිව්දින තරගාවලිය සඳහා නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දක්ෂතා දක්වන ලද පවන්ත වීරසිංහ, බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන කේෂර නුවන්ත, හංවැල්ල රාජසිංහ විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨ වූ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ප්‍රවීන් මනීෂ ද පළමු වතාවට ‘ඒ‘ කණ්ඩායමට තේරී පත්ව සිටිති.

දිගු ආකෘතියේ තරග සඳහා සුදුසු හැකියාවන් පෙන්නුම් කර ඇති මෙම ක්‍රීඩකයින්ව සිව්දින සංචිතයට කැඳවීම ඉදිරි ජාතික කණ්ඩායම් අවස්ථාවන් සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.

ඊට අමතරව යාපනයේ ශාන්ත ජෝන් විදුහල නියෝජනය කරමින් වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට තේරී පත්වූ වේග පන්දු යවන කුගදාස් මාතුලන්ටද මෙවර ශ්‍රී ලංකා ‘ඒ‘ එක්දින සංචිතයට පිවිසීමට අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය සහන් ආරච්චිගේ (නායක), නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, අහන් වික්‍රමසිංහ, චාමික කරුණාරත්න, වනුජ සහන්, විජේකාන්ත් වියස්කාන්ත්, මොහොමඩ් ශිරාස්, දුලාජ් සමුදිත, විෂේන් හැළඹගේ, රවිඳු ප්‍රනාන්දු, චාමික ගුණසේකර, ගරුක සංකේත්, කුගදාස් මතුලන්.

ශ්‍රී ලංකා ‘ඒ’ සිව්දින සංචිතය – සහන් ආරච්චිගේ (නායක), පවන්ත වීරසිංහ, සොහාන් ද ලිවේරා, නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, රවිඳු ප්‍රනාන්දු, කවිඳු පතිරත්න, දිලුම් සුධීර, මොහොමඩ් ශිරාස්, චාමික ගුණසේකර, කේෂර නුවන්ත, දුලාජ් සමුදිත, ප්‍රවීන් මනීෂ, අහන් වික්‍රමසිංහ, අසංක මනෝජ්.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee