slc
logo
Home   |    News
ජූලි 24, 2019
පළාත් සටනේ ශූරතාව අපරාජිත කොළඹට

Sri Lanka Cricket

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනීමේ අරමුණ පෙරදැරි කොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කමිල් මිශාරගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම අද (23 දා) සමත්විය.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොට ගෙන පළාත් කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී ප්‍රතිමල්ලවයන් වූ නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 61 ක ජයක් වාර්තා කළ කොළඹ ක්‍රීඩකයෝ මෙම ශූරතාව දිනා ගන්නා ලද්දේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසින් වුණු අභිමානයද රඳවා ගනිමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 303 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 43 කදී සියලුම දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 242 ක් පමණි.

එම හඹා යෑමේදී ඉනිමේ හරි අඩක් අවසන් වන විට දඹුල්ල කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 139 ක් වශයෙන් අසීරු තත්ත්වයක පැවැතුණ නමුත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක් එක් කළ දුනෙත් ජයකොඩි සහ ලක්ෂාන් ගමගේ තමන්ගෙන් ගිලිහිණු තරගය පිළිබඳව බලාපොරොත්තු දැල්වීමට සමත්වූහ. එහෙත් දිනෙත්ගේ දැවී යෑමෙන් පසු ලකුණු පුවරුවට ලකුණු 12 ක් එකතු වන අතර වාරයේ අනෙක් කඩුලු 4 ම දැවී යෑම නිසා දඹුල්ල කණ්ඩායම ලකුණු 242 කට සීමා විය. පන්දු යැවීමෙන් කැපී පෙනුණු ඩිල්මින් රත්නායක ලකුණු 45 කට කඩුලු 4 ක් දවාගත්තේය.   

 කාසියේ වාසිය හිමිවීමත් සමඟ ප්‍රථමයෙන් පිති ප්‍රහාරය දියත් කළ කොළඹ කණ්ඩායමේ ආරම්භය තරමක් මන්දගාමී වූ අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාවද ලකුණු 31 කදී බිඳ වැටිණි. පන්දු 58 ක් වැය වුණු එම සම්බන්ධතාවයෙන් අනතුරුව කමිල් මිශාර එක්වූ අහන් වික්‍රමසිංහ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් ගොඩනංවමින් පන්දු 156 කදී ලකුණු 161 ක සම්බන්ධතාවක් පවත්වා කොළඹ ලකුණු පුවරුව ලකුණු 192 ක් දක්වා රැගෙන ඒමට සමත්වූහ.

අද තරගයේදීද සුවිශේෂී ඉනිමක් දියත් කළ කොළඹ නායක කමිල් මිශාර පන්දු 114 කදී ලකුණු 120 ක් ලබා ගත්තේය. තමා මුහුණ දුන් 100 වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ශතකය සම්පූර්ණ කරගත් මිශාර මෙවර තරගාවලියේ දෙවැනි ශතකයට හිමිකම් කීවේය. මිශාර විසින් රැස් කරන ලද එම සුවිශේෂී ඉනිම හේතුකොට සමස්ථ තරගාවලියේ තරග 4 කට ක්‍රීඩා කරමින් මුලු ලකුණු 377 ක් රැස් කර රැස් කර ගැනීමට ඔහු සමත්ව සිටියි.

ඔහුට අමතරව මෙම තරගයේ අනෙක් ශතක ලාභියා බවට පත්වූ අහන් වික්‍රමසිංහ පන්දු 116 කදී ලකුණු 127 ක් රැස් කළේය. හයේ පහරකින් සහ හතරේ පහර ලකුණු 290 ක් රැස් කර ගනිමින් වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර දෙවැනි තැන හිමිකර ගෙන සිටියි.

ලකුණු සාරාංශය – කොළඹ පන්දුවාර 50 අවසනදී 303/6 යි – (අහන් වික්‍රමසිංහ 127, කමිල් මිශාර 120, මොහොමඩ් ශමාස් 14, චමිඳු විජේසිංහ 13, අශේන් ඩැනියෙල් 73/2)

දඹුල්ල පන්දුවාර 42.5 කදී ලකුණු 242 යි – (සුධීර සුමනරත්න 35, නිපුන් ධනංජය 26, රවිඳු රසාන්ත 13, ලෙෂාන් අමරසිංහ 12, දිනෙත් ජයකොඩි 51, සුධීර තිලකරත්න 13, ලක්ෂාන් ගමගේ 63, ඩිල්මින් රත්නායක 45/4)

Active filters

Recent Posts

  • පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාගේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
    එවකට පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැටුප් ඇතුළු තවත් වරප්‍රසාද ලබා දුන්නේ යැයි විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී හේෂා විතානගේ […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා […]
  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee