slc
Home   |    News
ජූලි 23, 2019
බංග්ලාදේශය ජයග්‍රාහී පෙරහුරුවකින් වැඩ අරඹයි

Sri Lanka Cricket

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට හිමිවූ පළමු සහ එකම පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සාර්ථක පෙරහුරුවක් සමගින් එක්දින තරගාවලිය සඳහා ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට අද (23 දා) සමත්විය.

කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල ලබා දුන් ලකුණු 283 ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ පිතිකරුවෝ අදාළ ඉලක්කය පන්දු 11 ක් ඉතිරිව සපුරා ගන්නා ලද්දේ තවත් කඩුලු 5 ක් ඉතිරි කරගෙනය.

එම හඹා යෑමේදී පළමු කඩුල්ල ලෙසින් සෞම්‍ය සර්කාර් ලකුණු 13 කට ද නායක ටමීම් ඉක්බාල් ලකුණු 37 කටද දැවී ගිය නමුත්, සටන අත් නොහළ මොහොමඩ් මිතුන් සහ මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශ පිලට ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම එක් කළහ. මෙහිදී පන්දු 100 කට මුහුණ දුන්  මිතුන් ලකුණු 91 ක් ලබා ගත්තේ තම ඉනිම හයේ පහරකින් සහ තවත් හතරේ පහර 11 කින් අලංකාර කර ගනිමිනි.

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ගැලවුම්කරුවා බවට පත්ව සිටින මුෂ්ෆිකර් රහීම් පන්දු 46 කදී වේගවත් ලකුණු 50 ක් ලබා බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කරද්දී මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි මහමුදුල්ලා ලකුණු 33 ක් ලබා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සබීර් රෙහ්මාන් පන්දු 26 කට මුහුණ දෙමින් ලකුණු 31 ක් ද මොසදෙක් හොසේන් පන්දු 10 කදී ලකුණු 15 ක්ද ලබා බංග්ලාදේශ පිලේ ජයග්‍රහණය සනාථ වන තෙක් කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දුන්හ.

පන්දු යවන්නන් අතරින් කිසියම් දුරටක් සාර්ථකත්වයක් පෙන්වූ එකම පන්දු යවන්නා වූයේ වේග පන්දු යවන ළහිරු කුමාරය. නියමිත පන්දුවාර 6 තුළ ප්‍රතිවාදීන් හමුවේ ලකුණු 26 ක් පමණක් ලබා දුන් ළහිරු කඩුලු 2 ක් ලබාගත්තේය.

ලකුණු 146 ක් ඇතුළත පළමු කඩුලු 6 ම බිඳ වැටී තිබියදී පිටියට එක්වූ දසුන් ශානක ලකුණු 300 කට ආසන්න ඉලක්කයක් ආසන්නයට ශ්‍රී ලංකා පිල රැගෙන ඒමට ප්‍රධාන අඩිතාලම එක් කළේය ශ්‍රී ලංකා ඉනිම නිමා වද්දී සිය අන්තය ආරක්ෂා කර ගනිමිනි. පිටිය සිසාරා එල්ල වුණු දැවැන්ත හයේ පහර 6 ක් සහ තවත් හතරේ පහර 6 කින් සිය ඉනිම සරසා ගත් දසුන් ශානක ලකුණු 86 ක් ලබා ගත්තේ පන්දු 63 කට පමණක් මුහුණ දෙමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් වනිඳු හසරංග පන්දු 30 කදී ලකුණු 28 ක් ලබා ගනිමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක විය.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 32 ක් ඇතුළතදී දවා ගැනීමට රුබෙල් හොසේන් සහ ටස්කින් අහමඩ් සමත්වූහ. පළමු කඩුල්ල වෙනුවෙන් නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දවා ගත් රුබෙල් හොසේන් තම දෙවැනි කඩුල්ල ලකුණු 02 ක් ලබා සිටි ඕෂධ ප්‍රනාන්දුව දවා ගත්තේ ශ්‍රී ලංකා සභාපතිගේ පිල අසීරුතාවයට ඇද දමමිනි.

අවශ්‍යම මොහොතක එක් වුණු භානුක රාජපක්ෂ සහ ෂෙහාන් ජයසූරිය සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක් එක් කිරමින් කරමින් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් ලෙසින් පන්දුවට පහර දුන් නමුත්, සෞම්‍ය සර්කාර්ගේ පන්දුවක් හමුවේ භානුක දැවී යෑමත් සමඟ එම කඩුල්ලේ සම්බන්ධතාවයට නිමාවට පත්විය. ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ ලකුණු අතර සිටි පිතිකරුවකු බවට පත්වූ ෂෙහාන් ජයසූරිය මෙම තරගයේදීද ලකුණු අතරට පැමිණෙමින් තේරීම් කමිටුවේ අවධානයට පාත්‍ර විය. පන්දු 78 කින් සමන්විත වූ ජයසූරියගේ ලකුණු 56 ක ඉනිම සඳහා හේ හතරේ පහර 5 ක් එල්ල කර තිබුණි.

සෞම්‍ය සර්කාර්ගේ දෙවැනි ගොදුර බවට පත්වෙමින් ජයසූරියගේ ඉනිම නිමාවීමත් සමඟ ශ්‍රී ලංකා පිළ යළිත් අමාරුවේ වැටිණ. 32 වැනි පන්දුවාරයේදී ජයසූරිය දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6 ට ලකුණු 146 ක් ලෙසින් සටහන් වී තිබිණ.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල පන්දුවාර 50 කදී  282/8 යි – (දසුන් ශාන්ක (නොදැවී) 86, ධනුෂ්ක ගුණතිලක 26, භානුක රාජපක්ෂ 32, ෂෙහාන් ජයසූරිය 56, වනිඳු හසරංග 28, අමිල අපෝන්සෝ (නොදැවී) 13, රුබෙල් හොසේන් 31/2, සෞම්‍ය සර්කාර් 29/2)

බංග්ලාදේශ පිල පන්දුවාර 48.1 කදී 285/5 යි – (ටමීම් ඉක්බාල් 37, සෞම්‍ය සර්කාර් 13, මොහොමඩ් මිතුන් 91, මුෂ්ෆිකර් රහීම් 50, මහමුදුල්ලා 33, සබීරේ රෙහ්මාන් (නොදැවී 31, මොසදෙක් හොසේන් (නොදැවී) 15, ළහිරු කුමාර 26/2) 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest