slc
logo
Home   |    News
ජූලි 17, 2019
ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලියට ශකීබ් නෑ

Sri Lanka Cricket

ශ්‍රී ලංකාව සමඟ ලබන 26 වැනිදා සිට පැවැත්වීමට නියමිත එක්දින තරග 3 සඳහා නම් කරන ලද බංග්ලාදේශ කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ව ඇතුළත් නොකිරීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් තාවකාලික විවේකයක් අවශ්‍ය බවට අල් හසන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එරට ක්‍රිකට් තේරීම් කමිටුව ඉහත තීරණයට එළැඹ තිබේ.

අල් හසන්ට අමතරව මැද පෙළ පිතිකරුවකු වන ලිටන් දාස්ද විවේකය අවශ්‍ය බව පවසමින් ඉල්ලීමක් කර තිබෙන එයට ප්‍රතිචාර වශයෙන් ඔවුන් වෙනුවට එනමුල් හක් සහ ටයිජුල් ස්ලාම් යළි කණ්ඩායමට කැඳවීමට පියවර ගෙන තිබේ. සඳහන් වන ආකාරයට මෙම කාල සීමාවේදී අල් හසන් හජ්ජි වන්දනාවේද ලිටන් සිය විවාහ ගිවිස ගැනීමට නියමිතව තිබේ. මොවුන් දෙදෙනා හැරුණු කොට ඉකුත්දා නිමාවට පත්වුණු ලෝකකුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද බංග්ලාදේශ කණ්ඩායමෙන් අබූ ජායෙඩ් ට පමණක් සිය ස්ථානය අහිමිවී තිබේ.

කණ්ඩායමට පැමිණ සිටින එනමුල් අවසන් වරට ඉකුත් 2018 වසරේදීද තයිජුල් ඉකුත් 2016 වසරේදීද එක්දින තරග අංශය නියෝජනය කර තිබේ. ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමට ඔවුන් දෙපළ යළි නම් කිරීම පිළිබඳව අදහස් දක්වා ඇති එරට තේරීම් කමිටු ප්‍රධානී මින්හජුල් අබෙඩීන් දේශීය තරගාවලිවලදී දක්වන ලද දක්ෂතා මත පදනම්ව ඔවුන් කණ්ඩායමට නම් කිරීමට පියවර ගත් බව සඳහන් කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශ පිල මෙහෙයවන ලද මෂ්රෆී මොර්ටටාසාට කණ්ඩායමේ නායකත්වය පවරා තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී යම් යම් ආබාධයන් වලට ගොදුරු වූ මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා සහ මොහොමඩ් සයිෆුඩීන් සිය ශාරීරික යෝග්‍යතා පරිසාධන මට්ටම ඉක්මවාලමින් සිය ස්ථාන තහවුරු කරගෙන සිටිති.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමාවත් සමඟ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලද ස්ටීව් රෝඩ්ස් සිය තනතුරින් ඉවත් වූ බැවින් මෙම තරගාවලිය බංග්ලාදේශ පිල පැමිණෙන්නේ ප්‍රධාන පුහුණුකරුවකු රහිතවය. කෙසේ වෙතත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකාරවරයා ලෙසින් කටයුතු කරන ලද එරට ක්‍රිකට් පාලක මණ්ඩල අධ්‍යක්ෂක ඛලීඩ් මහමුද් ශ්‍රී ලංකා තරග සංචාරයේදී තාවකාලික පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමට නියමිතව තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම තරගයට පෙර ලබන 23 වැනිදා පී. සරා ඕවල් පිටියේදී පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය ලබන 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවේ.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම – මෂ්රෆී මොර්ටාසා (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, එනමුල් හක්, මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා, මොසදෙක් හොසේන්, සබීර් රෙහ්මාන්, මොහොමඩ් මිතුන්, හසන් මිරාස්, ටයිජුල් ස්ලාම්, මුට්ෆිසුර් රෙහ්මාන්, රුබෙල් හොසේන්, මොහොමඩ් ශෆියුඩීන්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]
  • ශ්‍රී ලංකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 9කට 229යි
    සාචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 9කට ලකුණු 229ක් ලබා සිටියේය. ගාල්ල […]
  • දිමුත්ට ගාලු පිටියේදී ගෞරවනීය උපහාර පිදීමක්
    පුරා වසර 13ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee