slc
logo
Home   |    News
ජූලි 30, 2019
ශ්‍රී ලංකාව හමුවේ ලද අසාර්ථකත්වය ගැන ටමීම්ගේ කණස්සල්ල

Sri Lanka Cricket

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට පැමිණීමේදී විශාල බලාපොරොත්තු රාශියක් තිබූ පව පවසන බංග්ලාදේශ නායක ටමීම් ඉක්බාල්, කණ්ඩායමට අත්‍යවශ්‍ය මොහොතේදී තුන් ඉරියවවෙන්ම නැගී සිටීමට නොහැකි වීම එම බලාපොරොත්තු සියල්ල සුන් වී යෑමට හේතු වූ බව පැවැසීය.

තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අගෝස්තු 31 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි තරගය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේදී ඉහත අදහස් පළ කර සිටි මාලිංග, කණ්ඩායම ඉදිරියට ඒමට නම් තමා මෙන්ම මහමුදුල්ලා වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතු බවද සඳහන් කර සිටියේය.

“අපි මේ තරගාවලියට එනකොට තරගාවලිය ගැන ගොඩක් බලාපොරොත්තු තබා සිටියා” යැයි පවසන ඉක්බාල් වැඩිදුරටත් “අපි විසින්ම අපි පහත් කරගත්තා. අපිට අවස්ථා තිබුණත්, එයින් වාසි ලබා ගැනීමට බැරි වුණා. මම හිතන විදියට අපි දොස් පවර ගත යුත්තේ අපිටමයි. ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කළ අතර ඔවුන් තමයි හොඳම කණ්ඩායම වුණේ”යි පැවැසීය.

බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය නායක මෂ්රෆී මොර්ටාසා හදිසියේම ආබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් තාවකාලික නායකත්වයට පත් ටමීම් පිතිකරුවකු ලෙස අසාර්ථකත්වයට පත් විය. මුෂ්ෆිකර් රහීම් සහ සබීර් රෙහ්මාන් වැනි පිතිකරුවන් හැර අනෙක් සියළු පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත්වීම නිසා මේ වනවිට කණ්ඩායම දැඩි විවේචනයකට ලක්ව තිබේ. ඒ අතරින් පිතිකරුවකු ලෙස ටමීම් ලබා සිටින අසාර්ථක භාවය පෙරමුණ ගෙන තිබේ. දෙරට අතර පළමු තරගයේදී ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී යන ටමීම් දෙවැනි තරගයේ ලකුණු 19 ක් රැස් කිරීමට සමත්විය.

“හැමදාම මගේ බලාපොරොත්තුව බවට පත්ව තියෙන්නේ ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යන්න හැකිවීම ගැන. නමුත් විවිධ ආකාරයේ දැවී යෑම් වලට හසුව මා දැවී ගියා. ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට කළ යුත්තේ දිගටම විශ්වාසය තබා ගැනීමයි. හොඳම දේ තමයි මේ වගේ දෙයක් මම දුටුව පළමු අවස්ථාව මෙය නොවීම. මේ වගේ දේ ගැන මට මීට කළින් අත්දැකීම් තියෙනවා”යි ටමීම් පවසයි.

“ක්‍රීඩකයෙක් විදියට මට හැඟෙන්නේ මම අසාර්ථක ක්‍රීඩකයෙක් කියලා. අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයිනුත් අසාර්ථක වුණා. නමුත් මම නිතරම විශ්වාස කරන දෙයක් තමයි ඒ වගේ දේවල් ඉදිරියට නොවෙන එක ගැන. මම ලකුණු අතරට පැමිණියොත් ඒ තත්ත්වය අවසන් වේවි”යි ටමීම් පවසයි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee