slc
logo
Home   |    News
ජූලි 22, 2019
“වාසනාව තිබුණා නම් මීට වඩා ඉදිරියට යන්න තිබුණා” – කසුන් රාජිත

Sri Lanka Cricket

ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන්……………

            වාසනාව බලපෑවා නම් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අපට මීට වඩා ඉදිරියට යාමට අවස්ථාව තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයි වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ප්‍රකාශ කරයි. තරග දෙකක්ම අයහපත් කාලගුණය (වර්ෂාව) මත පැවැත්වූයේ නෑ.එක් තරගයක්වත් පවත්වා ජය ගැනීමට අවස්ථාව උදාවූයේ නම් මීට වඩා ඉදිරියට යාමට තිබූ බව කසුන් රාජිත ප්‍රකාශ කරයි.

            2019 ලෝක කුසලාන තරගාවලියට දක්ෂ කණ්ඩායම් ඉදිරිපත්ව සිටියත් තරගාවලියේ අවසන් භාගය වන විට අපත් හොඳම තත්ත්වයකට පත්වෙමින් සිටියා. ප්‍රථම තරග දෙක අප පරාජය වූයේ කාඩිෆ් තණතිල්ල වේගපන්දු යවන්නන්ට ගොඩක් උචිත ලෙස සකසා තිබීමේ හේතුවෙනුයි.

            මේ තරගාවලියේ මගේ දක්ෂතා පිළිබඳව මම එතරම් සෑහීමකට පත්වන්නේ නෑ. වැඩිපුර තරගවලට සහභාගි වන්න තිබුණා නම් මීට වඩා විකට් ගන්න තිබුණා. ලසිත් මාලිංග, සුරංග ලක්මාල් හා නුවන් ප්‍රදීප් කණ්ඩායමට නම් කර සිටි නිසා මා සිටියේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙසටයි. නුවන් ප්‍රදීප් අසනීපවී ආපසු පැමිණි නිසා මා කණ්ඩායමට ඇතුලුවී අවසාන තරග කිහිපයකට සහභාගිවුවා. තරගාවලිය අවසාන වන විට හොද විකට් ලැබුණා. තරගාවලියේ අඩක් වන විට අප එංගලන්තය පරාජය කරමින් හොඳ තත්ත්වයකට පත්වෙමින් සිටියා. මේ අත්දැකීම් භාවිතා කර ගෙන තම පන්දු යැවීම උසස්ම තත්ත්වයකට පත්කර ගැනීම අපේක්ෂාව බව කසුන් රාජිත කියයි.

            1993 ජුනි පළවැනිදා දකුණු පළාතේ මාලිම්බඩ උපත ලද කසුන් රාජිත පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබුවේ දම්පැල්ල කණිෂ්ට විදුහලෙනි. හයවැනි ශ්‍රේණියේ සිට 11වැනි ශ්‍රේණිය දක්වා තෙලිජ්ජවිල මහ විදුහටෙල් අධ්‍යාපනය ලබා උසස් පෙළ හැදෑරුවේ මාතර සාන්ත සර්වේසස් විදුහලෙනි.

            කසුන්ගේ මව මාලිම්බඩ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකාව වන අතර පියා මාලිම්බඩ ග්‍රාමසේවා නිලධාරි ලෙස සේවය කර නොබෝදා විශ්‍රාම ගත්තේය. කුඩා කළ සිට ටෙනිස් බෝල ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ මොහු ප්‍රියන්ත බුද්ධික පුහුණුකරුගේ මග පෙන්වීම යටතේ පාසල් කණ්ඩායම නියෝජනය කළේය.

            මට අයියයි, නංගියි ඉන්නවා. පොඩි කාලේ අපි පවුලේ අය ක්‍රිකට් ගහනවා. මම ජාත්‍යන්තර තරගවලට පිවිසියේ 2016 වසරේ මගේ පුහුණුකරු වූයේ අනූෂ සමරනායකයි. ඉන්පසු චමින්ද වාස් වසර දෙකක්ද රුමේෂ් රත්නායක වත්මන් පුහුණුකරු ලෙසත් ක්‍රියා කරනවා.

            25 හැවිරිදි කසුන් රාජිත ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ දකුණතින් වේගපන්දු යවන්නෙකු ලෙසටය. ටෙස්ට් තරග හයකදී කඩුලු 23ක්ද එක්දින තරග අටකදී කඩුලු 7ක්ද 20-20 තරග පහක දී කඩුලු හතක්ද ලබා ටෙස්ට් එක්දින හා 20-20 තරගාවලියන් තුනේදීම ශ්‍රී ලංකාන නියෝජනය කරයි. ඔහු මුලින්ම ශ්‍රී ලංකාව නියෝජනය කළේ 20-20 ක්‍රීඩකයෙකු ලෙස 2016 පෙබරවාරි 9 වැනිදා ඉන්දියාව සමග ඉන්දියාවේ පුනේ නගරයේදීය.

කසුන් රාජිත තව දෙවතාවක්වත් ලෝක කුසලාන තරගාවලියන්හිදී මව්බිම නියෝජනය කිරීමට අපේක්ෂා කරයි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee