slc
logo
Home   |    News
ජූලි 9, 2019
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමෙන් දක්ෂතා

Sri Lanka Cricket

Thanathillen-Eha_3

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගිවී සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම දැනට එහි තරග හතරකටසහභාගිවී ඉන් තරග තුනක් ජයගෙන අවසාන තරගයට සුදුසුකම් ලබන තත්ත්වයක පසුවේ. මූලික වටයේ අවසාන තරගය ජූලි 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාග ක්‍රීඩා සමාජ කණ්ඩායම තරගවදිති. විශ්ව විද්‍යාල ක්‍රීඩා සමාජ කණ්ඩායම ද විවිධ ක්‍රීඩකයන්ගෙන් සමන්විතවූ ප්‍රබලම කණ්ඩායමක් ලෙස හැදින්විය හැකිය. මේ කණ්ඩායම් තුනම මීට පෙර අවසාන තරගාවලියේ ද තරග කළ අතර එවර ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේ නොමැත.මෙවර සංචාරයේ ජුනි 29, ජූලි 1 සහ ජූලි 05 දිනවල පැවැති තරග ශ්‍රී ලංකාව ජයගත් අතර ඔවුන් පරාජය වූයේ ජූලි හය වැනිදා පැවැති තරගය පමණි. මේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම් තුනේම ක්‍රීඩකයන් අවුරුදු 19-24 වියෙහි පසුවන තරුණ ක්‍රීඩකයන් වීමද විශේෂත්වයකි.

ජූලි 5වැනිදා පැවැති ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතරක ජයක් ලැබූ අතර ජූලි හයවැනිදා පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල පරදා දකුණු අප්‍රිකා නැගී එන පිල කඩුලු තුනක ජයක් අත්කර ගත්තේය.

තරග ප්‍රතිඵල

ජූලි 5 වැනිදා ශ්‍රී ලංකාවට කඩුලු හතරක ජයක් අත්විය.

  • දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සමාජය ඕවර 50දී කඩුලු 6ට 207යි.

ඩී.ප්ලොට් ග්ලෙටර් 97යි. ආර්.හර්මන් 45යි, ළහිරු මධුශංඛ 47ට 2යි,

  • ශ්‍රී ලංකා නැගී එන පිල කඩුලු 6ට 211යි. (ඕවර 49.1යි)

චරිත් අසලංක 66යි, ෂම්මු අෂාන් 57යි, අෂේන් බණ්ඩාර 32, බී.ස්වොන් පොයල් 9ට 3යි,එල්.ෆිලැන්ඩර් 33ට 3යි.

ජූලි 6වැනිදා දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම කඩුලු 3කින් ශ්‍රී ලංකා පිල පරාජය කරයි.

  • ශ්‍රී ලංකා නැගී එන පිල කඩුලු 7ට 247 (ඕවර 50)

සදුන් වීරක්කොඩි 42, පැතුම් නිශ්ශංක 37, කමිදු මෙන්ඩිස් 54, ළහිරු මධුශංඛ 30

  • දකුණු අප්‍රිකා නැගී එන පිල කඩුලු 7ට 250 (ඕවර 50)

පී.බ්‍රිට්ස්ක් 53, කේ.සිමන්ස් 44, අමිල අපොන්සු 46ට 2

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee