slc
Home   |    News
අගෝස්තු 25, 2019
අයි. සී. සී. සභාපතිවරයා ජනපති මුණගැසෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනය අනුව මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති ශෂාන්ක් මනෝහර් මහතා සහ එම කවුන්සිල උප සභාපති ඉම්රාන් ඛවාජා මහතා ඉකුත් සිකුරාදා දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාවට අයි. සී. සී. සභාපතිවරයාගේ භාර්යාව වන මනෝහර් මහත්මියද සහභාගිවී සිටීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ ආරාධනයකට අනුව සිව් දින සංචාරයකට මෙරටට පැමිණ සිටින ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු පිරිස ජනාධිපතිවරයා මුණ ගැසෙන අවස්ථාවේදී ක්‍රිකට් ආයතන වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා, හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සහ ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ද එම අවස්ථාවට සහභාගිවී සිටියහ. තිලංග සුමතිපාල මහතාගේ සහ මොහාන් ද සිල්වා මහතාගේ භාර්යාවන් දෙපළද මෙම අවස්ථාවට සහභාගිවී සිටීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජික ප්‍රියන්ත සොයිසා මහතාද සහභාගිවූ මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සම්බන්ධව මෙම පිරිස සුහද කතාබහක නිරත විය. එම කතා බහ අවසානයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නවතම වාර්ෂික වාර්තාව ශෂාන්ක් මනෝර් මහතා වෙත පිරිනැමුවේය.

නවසීලන්තය සමඟ සරා ඕවල් පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගය නැරඹීමට පෙර විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතාවද හමුවූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපතිවරයා ඇතුළු පිරිස මෙම නිල සංචාරය යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාවද මුණ ගැසී සුහද කතා බහක නිරත වූහ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest