slc
Home   |    News
අගෝස්තු 8, 2019
“ටෙස්ට් තරගාවලියේදී අපට වාසි තුනක් තිබෙනවා”- දිමුත් කරුණාරත්න

Sri Lanka Cricket

 ශ්‍රී ලංකාව අවසානවරට සහභාගිවූ ටෙස්ට් තරගාවලිය වන දකුණු අප්‍රිකාව සමග තරගාවලිය ජය ලැබීමෙන් ලත් ජයග්‍රහණය තහවුරු වීමේ විශ්වාසයත්,අපගේ දගපන්දු යවන්නන් මෙහිදී නවසීලන්ත දගපන්දු යවන්නන්ට වඩා ඉදිරියෙන් සිටීමත්, අපගේ ක්‍රීඩාලෝලීන් ඉදිරියේ මව්බිමේ ක්‍රීඩා කිරීමත් යන වාසිදායක තත්ත්වයන් තුනක්ම මේ මස 14වැනිදා ඇරැඹෙන ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සතුව ඇතැයි තරගාවලිය පිළිබදව ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියට අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය.

නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබදව විමසුවිට දිමුත් ප්‍රකාශ කළේ නවසීලන්ත කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අතුරින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් බවය. ඔවුනගේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සවුදි ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දී පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් පසුවනවා. නායක කේන් විලියම්සන්,ටොඩ් ඇස්ල්,ටොම් බ්ලන්ඩල්,රොස් ටේලර් සහ ටොම් ලේතම් අග්‍රඝණයේ පිතිකරුවෝය. ඔවුන් දගපන්දු යවන්නන් හතර දෙනෙක් ගෙනවිත් තිබෙනවා. මේ සියල්ල සළකා අපි හොදට සැලසුම් සකස් කර ඔවුනට මුහුණදීමට බලාපොරොත්තු වන බවද දිමුත් කීවේය.

          ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් ගෙන් අපගේ මැදපෙළ ශක්තිමත් වනවා. ටෙස්ට් එක්දින සහ 20-20 අංශ තුනෙන් මගේ ප්‍රියතම අංශය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවයි. මා සමග බොහෝදුරට ළහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවන්වේවි. මගේ අරමුණ ලකුණු පුවරුවට හොඳම ලකුණු ප්‍රමාණයක් ලබාදී මැදපෙළ පිතිකරුවනට පහසුවෙන් ලකුණු රැස්කිරීමට අවස්ථාව සැළසිමයි. දිල්රුවන් පෙරේරා ලසිත් ඇඹුල්දෙණිය හා අකිල ධනංජය යන හොඳම දඟපන්දු යවන්නන් තිදෙනෙකු අප නම්කර සිටිනවා. දිල්රුවන්ගේ ආබාධ තත්ත්වය සුව නොවුවහොත් ඔහු දෙවන තරගයට ක්‍රීඩාකරාවි යැයි ශ්‍රී ලංකා නායකයා පැවසීය. දිමුත් කරුණාරත්න දැනට ටෙස්ට් තරග හැටකට සහභාගිවී ටෙස්ට් ලකුණු 4074ක් ලබා සිටින්නේ ශතක අටක් හා අර්ධ ශතක 22ක් සමගය. එහි ඉනිමක සාමාන්‍ය ලකුණු 36ක් වන අතර ඉනිමක ලැබු වැඩිම ලකුණු සංඛ්‍යාව 196කි.

“ශ්‍රී ලංකාවේ සැකසෙන්නේ පන්දුව ඉපැලෙන්නේ නැති (බවුන්ස් නොවන) අඩුවේගයකින් යුතු තණතිලියි. දගපන්දු යවන්නන්ට එහි උපරිම ප්‍රයෝජන ගතහැකියි.අපගේ අපේක්ෂාව මේ තණතිල්ලෙන් වාසියක් ලබාගැනීමයි.”

“අප අවසන් ටෙස්ට් තරගාවලියේදී දකුණු අප්‍රිකාවත් අවසාන එක්දින තරගාවලියේ දී බංග්ලාදේශයත් පරදවා සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකයි.මෙය කිසිසේත් ආපසු හැරවීමට අප කැමති නැතැයි දිමුත් කරුණාරත්න ප්‍රකාශ කරයි.”

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest