slc
logo
Home   |    News
අගෝස්තු 7, 2019
නවසීලන්තය එක්ක ටෙස්ට් සටනට චන්දිමාල් සහ අකිලට කැඳවුම්

Sri Lanka Cricket

එළැඹෙන 14 වැනිදා සිට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද විසි දෙදෙනකුගෙන් (22) සමන්විත මූලික ටෙස්ට් සංචිතය සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සහ අකිල ධනංජයව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ටෙස්ට් තරග සංචාරය බවට පත් වුණු දකුණු අප්‍රිකානු සංචාරයේදී චන්දිමාල්ට ස්ථානය අහිමිවිය. එපමණක් නොව ඉකුත්දා නිමාවට පත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමටද චන්දිමාල්ගේ නම  ඇතුළත් නොවිණ. 29 හැවිරිදි චන්දිමාල් අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ ඔස්ට්‍රේලියාව සමඟ මෙම වසර මුලදී පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියටය.

ගිය වසර අගදී එංගලන්තය සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බව සනාථ වීම නිසා වසරකට ආසන්න කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට අකිල ධනංජයට සිදුවිය. ටෙස්ට් තරග 5 කදී කඩුලු 27 ක් දවා ගෙන සිටින අකිල සිය පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල කර ගැනීමෙන් පසු ටෙස්ට් තරග අංශයට තේරී පත්වූ පළමු තරගාවලිය බවට පත් වන්නේ නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියය.

මෙම මූලික සංචිතයෙන් දකුණු අප්‍රිකානු තරග සංචාරයට සහභාගි වුණු මිලින්ද සිරිවර්ධන සහ මොහොමඩ් ශිරාස්ට ස්ථාන අහිමි වද්දී  එම තරග සංචාරයට ඇතුළත් නොවුණු දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා කෙරෙහි විශ්වාසය තබා ඇති අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ක්‍රිකට් තේරීම් කමිටුව ඔහුව මෙම මූලික සංචිතයට ඇතුළත් කර තිබේ.

ඩිල්රුවන් පෙරේරාට අමතරව දඟ පන්දු යවන්නන් ලෙසින් ලක්ෂාන් සඳකැන් සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකානු තරග සංචාරයේදී පන්දු යවන්නකු ලෙසින් කැපී පෙනුණු ලසිත් ඇඹුල්දෙණියවද ඇතුළත් කර තිබේ. නම් කරන ලද සංචිතයට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරයයේදී පිතිකරුවකු ලෙස දක්ෂතා දැක්වූ ෂෙහාන් ජයසූරියද ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය මෙම මස 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ඇරඹෙන අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටිය්දී පැවැත්වෙන අතර එම තරග සඳහා ඉදිරියේදී මෙම සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න(නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, අසිත ප්‍රනාන්දු.

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar