slc
Home   |    News
අගෝස්තු 9, 2019
පුහුණු තරගයේ දෙවැනි දිනය වැස්සට සේදෙයි

Sri Lanka Cricket

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන් දින පුහුණු තරගයේ විටින් විට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන්  දෙවැනි දිනය වූ අද (09 දා) එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය.

පෙර දින රාතියේ සිට ඇද හැළුණු වර්ෂාව උදෑසන කාලය ඇතුළතත් විටින් විට ඇද හැළුණු නමුත්, දිවා ආහාරයෙන් පසු තරගය ආරම්භ කිරීම වෙනුවෙන් විනිසුරුවන් මෙන්ම ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය දැඩි උත්සාහයක නිරත විය. තරගය කොයි මොහොතේ හෝ ආරම්භ කිරීමේ බලාපොරොත්තු ඇතිව නවසීලන්ත කණ්ඩායම සිය ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාම සඳහා පිටියට පිවිස සිටිනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් ප.ව. 12.30 ට පමණ යළිත් වර්ෂාව ඇද හැළීම නිසා ප.ව. 1.30 ට පමණ දෙවැනි දිනට තරගය ඇත හැර දැමීමට තරග තීරක චමින්ද මෙන්ඩිස් මහතා ඇතුළු විනිසුරුවෝ තීරණය කළහ.

ලබන 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර නවසීලන්ත පිලට හිමි පළමු හා එකම තුන් දින පුහුණු තරගය වන මෙම තරගයේ පළමු දිනටද අයහපත් කාලගුණය හරස්වීම නිසා තරග ආරම්භය ප.ව. 12.30 දක්වා ප්‍රමාද වීය. පන්දුවාර 78 කට සීමා වෙමින් ඇරඹි පළමු දිනයේ සවස් කාලයේදී අඳුරු කාලගුණ තත්ත්වය මත එදින තරගය පන්දුවාර 65.5 කට සීමා කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඒ වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල කඩුලු 6 කට ලකුණු 323 ක් ලබා ගැනීමට සමත්විය. ඒ අනුව තෙවැනි සහ අවසන් දිනය වන හෙට (10 දා) දිනයේදී තරගය පෙ.ව. 9.30 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest