slc
Home   |    News
අගෝස්තු 25, 2019
විස්සයි/20 ට ඇතුළත් ක්‍රීඩකයින් 7 ක් පුහුණු තරගයටත් නම් කරයි

Sri Lanka Cricket

විස්සයි/20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හත් දෙනෙකු නවසීලන්තය සමඟ ලබන 29 වැනිදා පැවැත්වෙන විස්සයි/20 පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

තරග 3 කින් සමන්විත විස්සයි/20 තරගාවලියට පෙර නවසීලන්ත පිලට හිමි පළමු හා එකම පුහුණු තරගය වන මෙම තරගයේදී අත්හදා බැලීමකටද ඉඩ විවර වනවා සේම ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීමේ හැකියාවද තේරීම් කමිටුවට හිමිවනු ඇත.

ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුතුව නම් කරන ලද මෙම කණ්ඩායමේ නායකත්වය ටෙස්ට් තරගාවලියට පෙර පැවැති තුන් දින පුහුණු තරගය මෙහෙයවන ලද අශාන් ප්‍රියන්ජන්ටම ලබා දී තිබේ. සධීර සමරවික්‍රම විසින් කඩුලු රැකීමේ කාර්යය සිදු කිරීමට නියමිත මෙම කණ්ඩායමට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ද ඇතුළත් කර තිබේ.

ලබන 01 වැනිදා ආරම්භ වන විස්සයි/20 තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට නුවන් ප්‍රදීප් ඇතුළත් නොවුණත් එම කණ්ඩායමට ඇතුළත්ව සිටින ධනුෂ්ක ගුණතිලක,  ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, ළහිරු මධුශංක, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රජිත මෙම පුහුණු තරගය නියෝජනය කිරීම සඳහා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් වීමට වරම් ලබා ඇති ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල – අශාන් ප්‍රියන්ජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම (කඩුලු රකින්නා), භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, ළහිරු මධුශංක, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, කසුන් රජිත.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest