slc
logo
Home   |    News
අගෝස්තු 26, 2019
ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් බේරීමේ අභියෝගයක්

Sri Lanka Cricket

සරා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (26 දා) දිනයේ උදෑසන පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළද පළමු ඉනිමට ලකුණු කීපයක් එකතු කර ගැනීමේ අදහසින් පන්දුවාර 5 ක් ක්‍රීඩා කළ නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 187 ක වාසියක් අත්කර ගනිමින් පළමු ඉනිම අත්හිටුවීය. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමේ සිටීමේ තත්ත්වයකට ශ්‍රී ලංකාව දැන් මුහුණ දී සිටියි.

ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීම මෙන්ම ලකුණු 80 සීමාවේ රැදී සිටි බී. ජේ. වොට්ලින් සහ ඩි ග්‍රෑන්ඩ්හෝම්ට ශතක ලබා ගැනීම සඳහාද අවස්ථාව විවර කරමින් ක්‍රීඩා කරන ලද ඉනිමේදී පළමු ඉනිම ලකුණු 431 කට කඩුලු 6 ක්ව තිබියදී පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.  

ශතක කරා යනු ඇතැයි අපේක්ෂා කළද ඉන් එම බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කරගන්නා ලද්දේ බී. ජේ. වොට්ලින් පමණි.  දිනය ආරම්භයේ යවන ලද දෙවැනි පන්දුවෙන්ම ඩි ග්‍රෑන්ඩ්හෝම්ව දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත්විය. එල්ල කරන ලද ස්වීප් පහරක් ඩීප් ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ළහිරු කුමාරගේ දෑත් අතර සිරවීමෙන් ඩි ග්‍රෑන්ඩ්හෝම් පිටියෙන් ඉවතට ගියේ ඔහුගේ මෙන්ම නවසීලන්ත ලකුණු පුවරුව ද ක්‍රියාත්මක වීමටත් මත්තෙන්ය. පෙර දිනයේ වේගයෙන් පන්දුවට පහර දුන් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලබා ගත් ලකුණු 83 සඳහා පන්දු 77 කට පමණක් මුහුණ දුන්නේය. දැවැන්ත හයේ පහර 5 කින් සැරසුණු ඩි ග්‍රෑන්ඩ්හෝම්ගේ ඉනිමට තවත් හතරේ පහර 5 ක්ද ඇතුළත්විය.

ගාල්ලේ පැවැති තරගයේදී දෙවැනි ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළ බී. ජේ. වොට්ලින් ගාල්ලේදී ලබාගැනීමට නොහැකි වූ ශතකය කොළඹදී ලබා ගත්තේ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි ශතකයට හිමිකම් කියමිනි.  හෝරා 5 කට වැඩි කාලයක් කඩුල්ලේ රැඳෙමින් පන්දුවට පහර දුන් වොට්ලින් ලකුණු 105 ක් ලබා ගත්තේය. නවසීලන්ත ඉනිම අත්හිටුවන විටත් තම කඩුල්ල ආරක්ෂා කරගත් හේ මුහුණ දුන් පන්දු 226 න් අවස්ථා 9 කදී හතරේ සීමාවේ එපිටට පන්දුව යැවීමට සමත්වී තිබිණ.

ඩි ග්‍රෑන්ඩ්හෝම්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ටිම් සවුති වේගවත් ඉනිමක දියත් කරමින් නවසීලන්ත පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළේය. නවසීලන්ත ඉනිම අත්හිටුවීමට පෙර ලසිත් ඇඹුල්දෙණිය විසින් යවන ලද පන්දුවාරයේ අවසන් පන්දු 2 ට පිට පිටම හයේ පහර 2 ක් එල්ල කළ සවුති තවත් හතරේ පහර 2 ක් ද සමග පන්දු 10 කදී ලකුණු 24 ක් ලබා ගත්තේය.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අද දිනයේදී වර්ෂාවෙන් හෝ අඳුරු කාලගුණයෙන් තරගයට බාධාවක් ඇති නොවුණහොත් තවත් පන්දුවාර 91 ක් යැවීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee