slc
logo
Home   |    News
අගෝස්තු 16, 2019
ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 18 කින් පෙරමුණට එයි

Sri Lanka Cricket

නිරෝෂන් දික්වැල්ලගේ ලකුණු 61 ක ඉනිම ප්‍රධාන කොට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (16 දා) ලකුණු 18 ක පළමු ඉනිමේ වාසියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වද්දී දිවා ආහාරයට පෙර සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායමේ කඩුල්ලක්ද දවා ගැනීමට සමත්වූවේය. කෙසේ වෙතත් ඒ වන විට ශ්‍රී ලංකාව හිමි පළමු ඉනිමේ වාසිය සම කර ගැනීමට නවසීලන්ත පිතිකරුවන් සමත්විය.

නායක කේන් විලියම්සන් ලකුණු 03 ක් සහ ටොම් ලතම් ලකුණු 08 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර නවසීලන්ත පිල වෙනුවෙන් දැවී ගිය පිතිකරුවා බවට පත්වූ ජීත් රවාල් ධනංයද සිල්වාගේ පන්දුවකට ලකුණු 04 ක් ලබා සිටියදී සිලි මිඩි ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි නායක දිමුත් කරුණාරත්නට උඩ පන්දුවක් දී දැවී ගියේය. තියුණු දඟ කැවීමක් නොතිබුණු පන්දුවට ඩ්‍රයිව් පහරක් එල්ල කළද නොසිතූ ලෙස එම පන්දුව ඉපිලීම නිසා එය උඩ පන්දුවක් බවට පරිවර්තනය විය.

පෙ.ව. 9.45 ට ආරම්භ වුණු තෙවැනි දින ආරම්භයේදීම නව පන්දුව ලබා ගනිමින් තරග වැදීමට නවසීලන්ත පිල තීරණය කළ මුත් පෙර දිනයේ ලකුණු 66 ක් ව සටහන්ව තිබූ 8 වැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ හෙළිමට ඔවුනට තවත් ලකුණු 15 ක් ලකුණු පුවරුවට එක් වන තෙක් ඉවසාගෙන සිටීමට සිදුවිය.

පන්දු 173 කදී දික්වැල්ල සහ ලක්මාල් අතර ගොඩ නැංවුණු ලකුණු 81 ක සම්බන්ධතාව පළමු ඉනිම තුළ වාර්තා වුණු ඉහළම සම්බන්ධතාව බවට පත්විය. ට්‍රෙන්ට් බෝල්ට් විසින් යොමු කරන ලද පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට යෑමේදී එය ලක්මාල්ගේ දකුණත වැළ මිට ආසන්නයේ වැදීම නිසා මිනිත්තු කීපයක්ම තරගය නතර කර දැමීමට විනිසුරුවන් ට සිදුවිය. එහෙත් එම පන්දුවාරයේදීම කඩුල්ලට තරමක් ඈතින් ඇදී ගිය පන්දුවට එල්ල කරන ලද පහරක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල බිඳී යෑම නිසා ලක්මාල්ගේ ඉනිම ලකුණු 40 දී නැවතිණ. දැවී යෑමට ප්‍රථම බෝල්ට් ගේ පන්දුවකට පුල් පහරක් එල්ල කරමින් ලබා ගත් හයේ පහරද ඇතුළුව තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 ක් එල්ල කර තිබුණි.

ලක්මාල් දැවී ගියද තම අන්තය ආරක්ෂා කරගත් නිරෝෂන් දික්වැල්ල සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 12 වැනි අර්ධ ශතකය වාර්තා කර ගන්නා ලද්දේ මුහුණ දුන් 95 වැනි පන්දුවේදීය. පිතිකරුවකු ලෙස අසාර්ථක වීම මත ඉකුත් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම බංග්ලාදේශය සමඟ වූ එක්දින තරගාවලියටද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූ දික්වැල්ල නවසීලන්ත ඉනිම අභිබවා යෑමට වැඩිම කාර්ය භාරයක් කරන ලද පිතිකරුවා බවට පත්වූවේය. ලකුණු 61 දී අවසන් වුණු දික්වැල්ලගේ ඉනිම සඳහා හේ පන්දු 109 කට මුහුණ දී තිබුණේ හතරේ පහර 3 ක්ද තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

මෙම තරගයේදී නවසීලන්ත පළමු ඉනිම ඉක්මවා යෑමට ශ්‍රී ලංකා පිල සමත්වීමත් සමඟ වසර 5 කට ආසන්න කාලයකින් පසු දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායමක් පළමු ඉනිමේ වාසිය අතට ගැනීමට සමත්වීම කැපී පෙනුණි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මීට පෙර එවැනි අවස්ථාවක් සටහන් වී ඇත්තේ ඉකුත් 2015 වසරේ පැවැති ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේදීය.

දෙවැනි දින අවසනදී කඩුලු 5 ක් දවා ගෙන සිටි අජාස් පටෙල්ට අද දිනයේදී එකම හෝ කඩුල්ලක් දවා ගැනීමේ අවස්ථාව අහිමි වූ නමුත්, විලියම් සමර් විල් කඩුලු 3 ක් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 ක් වශයෙන් දවා ගත්හ.

ලකුණු සාරාංශය – නවසීලන්තය පන්දුවාර 83.2කදී සියළු දෙනා දැවී ලකුණු 249 (රොස් ටේලර් 86, හෙන්ර් නිකලස් 42, ජීත් රාවල් 33, ටොම් ලේතම් 30, ට්‍රෙන්ට් බෝල්ට් 18, ටිම් සවුති 14, මිචෙල් සෑන්ට්නර් 13, විලයම් සමර්විල් (නොදැවී 09), බී. ජේ. වොට්ලින් 1, කේන් විලියම්සන් 0, අජාස් පටෙල් 0, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4) සහ දෙවැනි ඉනිම 18/1 යි.

ශ්‍රී ලංකාව පන්දුවාර 93.2 කදී ලකුණු 267 යි (කුසල් මෙන්ඩිස් 53, ඇන්ජලෝ මැතිව්ස් 50, දිමුත් කරුණාරත්න 39, ළහිරු තිරිමාන්න 10, කුසල් පෙරේරා 01, ධනංජය ද සිල්වා 05, නිරෝෂන් දික්වැල්ල 61, අකිල ධනංජය 00, සුරංග ලක්මාල් 40, ලසිත් ඇරඹුල්දෙණිය 05, ළහිරු කුමාර (නොදැවී 05,  අජාස් පටෙල් 89/5 යි, විලියම් සමර්විල් 83/3, ට්‍රෙන්ට් බෝල්ට් 45/2)

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar