slc
Home   |    News
අගෝස්තු 14, 2019
4 ඉලක්කම අකිලට ගෙනා වාසනාව

Sri Lanka Cricket

අකිලගේ ධනංජයගේ උපන් දිනය යෙදී ඇත්තේ ඔක්තෝම්බර් 04 වැනිදාටය. එබැවින් ඔහු වාසනා අංකය ලෙසින් සලකන්නේ හතරය. ටෙස්ට් ලෝක ශූරතාවලියේ එක් විශේෂත්වයක් වන සියළුම ක්‍රීඩකයින්ගේ බැනියම් වල පසුපස ක්‍රීඩකයින්ගේ නම සහ අංකයක් භාවිතා කරනු ලබන අතර 4 ඉලක්කම අකිලගේ ටෙස්ට් බැනියමට එන්නේ එකී විශ්වාසම මුල් කරගෙනය.

සැබැවි. අකිල බලාපොරොත්තු වුණු අයුරින්ම අංක 4 මුද්‍රණය කරගනිමින් තරග වැදි පළමු තරගයේදීම අකිලට වාසනාව ගෙනාවේය. ඒ නවසීලන්තයට එරෙහිව පළමු දිනයේදීම කඩුලු 5 ක් දවා ගැනීමටය. පළමු දිනය ඇතුළත නවසීලන්ත පිලේ දැවී ගියේද කඩුලු 5 ක් පමණි. ඒ 5 ම හිමිකරුවා බවට පත්වීමට අකිලට හැකි වීම එකී විශ්වාසය තවත් වැඩි කරවන්නකි.

ඒ ගැන තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී අකිල කිව්වේ මෙලෙසිනි. “ඇත්තටම මට ගොඩක් සතුටුයි. පන්දු යවන ඉරියව්වේ ලොකු වෙනසක් නොකළත් පළමු තරගය නිසා” යනුවෙනි.

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයට අවතීර්ණ වීමේදී ශ්‍රී ලංකාවට තිබූ ලොකුම හිසරදය බවට පත්වූයේ ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත නවසීලන්ත පිතිකරු අංශය මෙල්ල කරන්නේ කෙසේද යන්න පිළිබඳවය. ඒ ඇයිද කිව්වොත් කාලයක් තිස්සේ කණ්ඩායමට ක්‍රීඩා කරන ලද රංගන හේරත් මෙන්ම ඩිල්රුවන් පෙරේරා රහිතව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයකට සහභාගි වූ පළමු අවස්ථාව ලෙස අද (14 දා) ඇරඹුණු ටෙස්ට් තරගය පත්වුණු බැවිනි. එපමණක් නොව, කණ්ඩායමේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වූ අප කථා නායක අකිලද තම පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමකට භාජනය කිරීමෙන් සහභාගිවන පළමු ටෙස්ට් තරගය බවට මෙම තරගය පත්වූ බැවින්.

නවීකරණයට ලක්වූ තම පන්දු යැවීමේ ඉරියව්ව පිළබඳව අදහස් දැක්වූ අකිල “මම පරණ ඇක්ෂන් එක සම්පූර්ණයෙන්ම අමතක කරලා තියෙන්නේ. දැන් අලුත් ඇක්ෂන් එකක්. මං හිතනවා ඒ දෙකේ ලොකු වෙනසක් වෙලා නෑ කියලා. මොකද පන්දු යවද්දී මට අවශ්‍ය දේවල් ඔක්කොම වෙන නිසා. කොහොම වුණත් අලුත් ඇක්ෂන් එකට මම ගොඩක් කැමැතියි” යි පවසයි.

“තණතීරුවෙන් ලැබුණු සහයෝගය කිව්වොත් මුල් පැය 2 ඇතුළත පොඩි සහයෝගයක් තිබුණා. ඒත් අව්ව එන්න එන් පන්දුවේ දඟ කැවීම පොඩ්ඩක් අඩු වුණා”යි පවසන අකිල කඩුල්ලක් දවා ගැනීමේදී උපක්‍රමයක් ලෙස පා දඟ පන්දුව සහ ගුග්ලි පන්දුව උපයෝගී කරගන්නා බව සඳහන් කරයි.

“රොස් ටේලර් පන්දුවට පහර දෙන්න ආපු ගමන් එයාව ගන්න මම සැලැස්මක් දැම්මා. විශේෂයෙන්ම සෙට් වෙන්න කළින් කොහොමද එයාව දවාගන්නේ කියන එක ගැන. ඒ වෙලාවේ මට ඒ දේ කරගන්න හම්බ වුණේ නෑ. මම ඊට පස්සේ මගේ දන්න දේවල් වැඩිපුර කළා. නමුත් මට පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වුණා” යි රොස් ටේලර්ගේ කඩුල්ල දවා ගැනීමට නොහැකි වීම සම්බන්ධව අකිල පවසයි.

සියළු වාසි නවසීලන්ත පිල සතුව ඇරඹි පළමු ටෙස්ට් තරගයේදී කණ පිට හැරවූ පන්දු යවන්නා බවට පත්වූ අකිල  ලකුණු 64 ක නවසීලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ දමමින් සිය කඩුලු දඩයම ඇරඹීය. අනතුරුව ඔහු දිනය තුළ දැවී ගිය කඩුලු 5 ම හිමිකරුවා බවට පත්වීම දිනයේ සුවිශේෂිතම සිදුවීම බවට පත්විය.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest