slc
logo
Home   |    News
සැප්තැම්බර් 25, 2019
‘ඒ’ තරග කාල සටහනේ වෙනසක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග කාල සටහනේ වෙනසක් සිදු කරමින් වර්ෂාව හේතුවෙන් අත හැර දැමුණු පළමු සිව් දින ටෙස්ට් තරගය ලබන 28 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර යොදා තිබේ.

තරග 2 කින් සමන්විත දෙරට අතර සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඉකුත් 23 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේදී ආරම්භවීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් පළමු දින 2 දීම තරගය ආරම්භ කිරීමට නොහැකි විය. දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ගං වතුර තත්ත්වයක් ඇති කරමින් ඇද හැළෙන  වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනය අවසානයේදී එම තරගය අත හැර දැමීමට තරග සංවිධායකයෝ කටයුතු යෙදුවහ.

කෙසේ වෙතත් ‘ඒ’ තරගාවලියක ඇති වැදගත් කම පිළිබඳව අවධානය යොමු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරග කාල සටහනේ වෙනසක් සිදු කරමින් යළිත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කළේය. ඒ අනුව මෙම තරගය ලබන 28 වැනිදා සිට ඔක්තෝම්බර් 01 වැනිදා දක්වා හම්බන්තොට දී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන ඔක්තෝම්බර් 04 වැනිදා සිට 07 වැනිදා දක්වා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් මෙම තරගාවලියෙන් අනතුරුව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දිනද වෙනසක් සිදුකරමින් පළමු සහ දෙවැනි තරග 09 සහ 10 යන දෙදින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. දෙරට අතර අවසන් එක්දින තරගය ලබන 12 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර එම තරගයෙන් පසුව ලබන 13 වැනිදා බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සිය රට බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee