slc
logo
Home   |    News
සැප්තැම්බර් 26, 2019
දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට බැඳෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා ඇති ඉදිරි පෙළ පිතිකරු කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අධිකාරිලත් නිලධරියකු ලෙස යුද හමුදාවේ සේවයට එක්වී තිබේ. යුද හමුදාවේ සේවයට එක්වීමත් සමඟ මෙතෙක් කලක් එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරන ලද චන්දිමාල් මේ වසරේ සිට යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම යටතේ පළමු පෙළ තරගාවලිය නියෝජනය කරනු ඇත.

මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහි කර තිබෙන යුද හමුදා කණ්ඩායමට චන්දිමාල්ගේ එක්වීමත් සමඟ තවදුරටත් ශක්තිමත් වනු ඇති බව එම කළමනාකාරීත්වයේ විශ්වාස වී තිබේ. පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම ස්ථානයක පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන චන්දිමාල් 2014 වසරේදී ශ්‍රී ලංකා පිල විස්සයි-20 ලෝක ශූරතාව දිනා ගත් කණ්ඩායමේ නිල නායකයා ලෙසින් කටයුතු කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 53 කට දායකත්වය ලබා දී සිටින චන්දිමාල් ශතක 11 ක් සමඟ ලකුණු 3768 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි. එක්දින තරග 146 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මෙම දකුණත් පිතිකරුවා ශතක 5 ක්ද සමඟ ලකුණු 3599 ක් රැස් කරගෙන තිබේ. ඔහු රැස් කර ඇති ශතක 5 න් එක් ශතකයක් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ලබා ගැනීමට සමත්ව තිබේ. කලක් ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායකයා ලෙසින්ද කටයුතු කළ චන්දිමාල් තරග 54 කදී ශ්‍රී ලංකාව නියෝජනය කොට මුලු ලකුණු 800 ක් ලබාගැනීමට සමත්ව තිබේ.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee