slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2019
නවකයින්ට දක්ෂතා අතරට එන්න හොද අවස්ථාවක් තියෙනවා – නායකයෝ කියති

Sri Lanka Cricket

නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත වුවත් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී හොද සටනක් ලබා දීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වල නායකයෝ පවසති.

එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් එක්දින කණ්ඩායමත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු විස්සයි-20 කණ්ඩායමත් අද (24 දා) පෙරවරුවේ පාකිස්තානය බලා පිටත්ව ගියහ. අදාළ තරගාවලියට පිටත්ව යෑමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් මූලස්ථානයේදී ආගමික වතාවත් වල නිරත වුණු අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ දෙපිළේ නායකයෝ ඉහත අදහස් පළ කර සිටියහ.

ප්‍රථමයෙන්ම අදහස් දැක්වූ එක්දින කණ්ඩායමේ නායක ළහිරු තිරිමාන්න, “මේ තරගාවලිය සඳහා අපි ඉතාමත් හොඳින් පුහුණුවීම් සිදු කළා. පාකිස්තානු කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියට සහභාගිවූ පිරිසෙන් වැඩි කොටසක් ඇතුළත් වෙලා ඉන්නවා. අපේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් නැති වුණාට වැඩි දෙයෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයින්. මම විශ්වාස කරනවා මේ තරගාවලිය ජය ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා කියලා”යි තිරිමාන්න සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා එක්දින නායකයා, “ලොකු අභියෝගයක්. මොකද නම් කරලා තියෙන පාකිස්තානු පිලත් හොඳ කණ්ඩායමක් නම් කරලා තියෙන්නේ. අපි මෙතැනදි බලන්න ඕන අපිට පාලනය කරන්න පුලුවන් දේවල් ගැන. මම මේ තරගාවලිය දකින්නේ අලුත් ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා. මොකද මේ වගේ අවස්ථාවක් ලේසියෙන් හම්බ වෙන්නේ නෑ”යි පැවැසීය.

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දින 16 ක කාලයක් පාකිස්තානයේ රැඳී සිටින අතර ප්‍රථමයෙන් එක්දින තරගද අනතුරුව විස්සයි-20 තරග සඳහා සහභාගිවීමට නියමිතව තිබේ. මෙම මස 27 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය කරච්චිහිදීත් විස්සයි-20 තරග 3 ලබන 5 වැනිදා සිට ලාහෝරයේදී පැවැත්වෙනු ඇත.

මේ අතර විස්සයි-20 තරග අංශයේ නායකයා ලෙසින් කටයුතු කරන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානද අදහස් දක්වමින්, නායකයකු ලෙස මෙම තරගාවලිය තුළ විශාල වෙනසක් කිරීම සඳහා වූ විශ්වාසයක් ගොඩ නැගී තිබෙන බව සඳහන් කර සිටියේය.

“අපේ කණ්ඩායමේ ඉන්නේ විස්සයි-20 කණ්ඩායමට ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් 4 දෙනෙයි. අපි මේ තරගාවලිය සඳහා හොඳ සූදානමකින් පුහුණුවීම් කළා. නායකයා විදියට මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ තරගාවලියේදී වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා”යි පවසන දසුන් ලොව අංක එකේ විස්සයි-20 කණ්ඩායමක් වන පාකිස්තානයට එරෙහිව තරග වැදීම දැඩි අභියෝගයක් ගෙනදෙන්නක් බවද සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට පාකිස්තානයේ තරග වැදි අවස්ථාවේදී සහභාගිවුණු කණ්ඩායමට දසුන් ශානක ඇතුළත් විය. “අපේ කණ්ඩායමට ඇතුළත්ව ඉන්න ක්‍රීඩකයින් අලුත් ක්‍රීඩකයින් වුණත් ඔවුන් දේශීය තරගාවලියන්හිදී හොඳින් දක්ෂතා දක්වලා තියෙන ක්‍රීඩකයින්. ඒ වගේම සමහර අය දක්ෂතා අතරට හිටියත් කණ්ඩායමේ දිගටම රැඳී ඉන්න අවස්ථාව නොලැබුණු ක්‍රීඩකයින්. ඔවුන් ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න මේ තරගාවලිය හොඳ අවස්ථාවක් කියලත් මම හිතනවා. අපි මේ තරගාවලියට යන්නේ අනිවාර්යයෙන්ම ජය වාර්තා කරන්න. හොද සටනක් දෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා”යි විස්සයි-20 නායකයා වැඩිදුරටත් පවසයි.

එක්දින තරග අංශයට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද විස්සයි-20 තරග අංශයට 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබේ. කෙසේ වෙතත් එක්දින තරග අංශයට නම් කොට විස්සයි-20 තරග අංශයට නම් කර නැති එකම ක්‍රීඩකයා වන්නේ ළහිරු තිරිමාන්න පමණි. ඒ අනුව විස්සයි-20 තරග අංශය සඳහා ළහිරු මධුශංක සහ භානුක රාජපක්ෂ දෙදෙනා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා එක්දින පිල – ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර.

ශ්‍රී ලංකා විස්සයි-20 පිල – දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, ළහිරු මධුශංක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රජිත, ළහිරු කුමාර.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar