slc
logo
Home   |    News
ජූනි 6, 2026
අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් තරගාවලිය 12 වැනිදා ඇරඹේ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය (යූත් ලීග්) ජුනි මස 12 වැනිදා ආරම්භ වීමට නියමිතය. දිවයිනේ දක්ෂතම යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසන මෙම තරගාවලිය සඳහා කොළඹ දකුණ, කොළඹ උතුර, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් පහ සහභාගී වෙති.

තරගාවලියේ පළමු වටයේ තරග ජුනි 12 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ නගරයේ ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වෙන අතර, එහිදී සෑම කණ්ඩායමක්ම අනෙකුත් කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතය. පළමු වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

අවසන් පූර්ව තරග දෙක ජුනි 19 වැනිදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය සහ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිත අතර, ශූරතාව තීරණය කරන අවසන් මහා තරගය ජුනි 21 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග කාලසටහන

ජුනි 12

  • මහනුවර සහ ගාල්ල – කොළඹ Colts ක්‍රීඩාංගණය
  • කොළඹ උතුර සහ කොළඹ දකුණ – පී. සරා ඕවල් ක්‍රීඩාංගණය

ජුනි 13

  • දඹුල්ල සහ කොළඹ දකුණ – කොළඹ Colts ක්‍රීඩාංගණය
  • මහනුවර සහ කොළඹ උතුර – පී. සරා ඕවල් ක්‍රීඩාංගණය

ජුනි 15

  • කොළඹ දකුණ සහ මහනුවර – කොළඹ Colts ක්‍රීඩාංගණය
  • ගාල්ල සහ දඹුල්ල – කොළඹ NCC ක්‍රීඩාංගණය

ජුනි 16

  • ගාල්ල සහ කොළඹ උතුර – කොළඹ Colts ක්‍රීඩාංගණය
  • දඹුල්ල සහ මහනුවර – කොළඹ NCC ක්‍රීඩාංගණය

ජුනි 18

  • කොළඹ උතුර සහ දඹුල්ල – තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • කොළඹ දකුණ සහ ගාල්ල – රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණය

ජුනි 19

  • පළමු අවසන් පූර්ව තරගය – තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • දෙවන අවසන් පූර්ව තරගය – රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණය

ජුනි 21

  • අවසන් මහා තරගය – පී. සරා ඕවල් ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee