slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2019
පාකිස්තානු සංචාරයේ ආරක්ෂාව ගැන යළි සලකා බලයි

Sri Lanka Cricket

එළැඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙනු ලබන ආරක්ෂාව සම්බන්ධව නැවත අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින්, ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවන ලද ලිපියක් පිළිබඳව සලකා බලමින් පසුව මෙම තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹ තිබේ.

සංචාරයට සහභාගිවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදීන්ගෙන් තර්ජන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබේ.

එම ලිපියට අනුව මෙම තරග සංචාරයට සහභාගිවීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධව අතිශයින් සැලකිලිමත් වන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතින්නේ නම් මෙම තරග සංචාරය පිළිබඳව නැවත සලකා බැලීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 27 වැනිදා සිට ඔක්තෝම්බර් මස 02 වැනිදා දක්වා කරච්චි නුවරදී එක්දින තරග 3 කටද, ඔක්තෝබර් මස 5 වැනිදා සිට 9 වැනිදා දක්වා ලාහෝර් නුවරදී විස්සයි-20 තරග 3 කටද සහභාගිවීමට නියමිතව සිටියි.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee