slc
Home   |    News
සැප්තැම්බර් 12, 2019
වර්ෂාවේ අවාසිය ශ්‍රී ලංකාවේ හරහට හිටියි

Sri Lanka Cricket

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තේරීම වෙනුවෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර අද (12 දා) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය.

කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ මෙම තරගයට උදෑසන සිටම වර්ෂාව බාධා ඇති වූ බැවින් තණතීරුව වැසි ආවරණ වලින් වසා තැබීමට ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය කටයුතු යෙදූහ. ඒ අනුව ප.ව. 2 ට පමණ ක්‍රීඩාංගණයේ සෝදිසි චාරිකාවක නිරත වුණු විනිසුරුවෝ ප.ව. 2.20 ට තරගය අත හැර දැමීමට තීරණය කළහ. විනිසුරුවන් ක්‍රීඩාංගණය සෝදිසි කරන අතර වාරයේ මෙම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද බංග්ලාදේශ ජාතික අක්තාර් අහමඩ් මහතාද ඔවුන් අතර යමින් ක්‍රීඩාංගණය පිළිබඳව සෝදිසි කිරීම  කැපී පෙනෙන සිදුවීමක් විය.

මෙම තරගය ප්‍රතිඵල රහිත වූ බැවින් අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීමට ඉන්දීය යොවුන් කණ්ඩායමට වරම් හිමිවිය.  තරගාවලියේ නීති රීතීන්ට අනුව මෙම තරගය ප්‍රතිඵල රහිත වුවහොත් අවසන් මහ තරග වරම් ලබන්නේ මූලික වටය යටතේ වැඩියෙන්ම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් දිනා සිටින කණ්ඩායම වන බැවින් එහි වාසිය ඉන්දියාවට උදා විය.

මූලික වටයේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණු සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට සහ නේපාලනයට එරෙහිව පැවැති තරග ජය ගත්තද බංග්ලාදේශයට එරෙහි තරග පරාජයට පත් විය. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් හෝ අවාසනාවන්ත ලෙස අවසන් මහ තරග අවස්ථාව අහිමි විය.

මේ අතර බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි අවසන් පූර්ව තරගයටද වර්ෂාවෙන් බලපෑම් ඇතිවීම නිසා එකම පන්දුවක් හෝ යැවීමේ අවස්ථාව අහිමි විය. එබැවින් එම තරගයේදීද අවසන් මහ තරග වරම දිනා ගන්නා ලද්දේ මූලික වටයේ පැවැති තරග 3 ම ජයගෙන සිටි බංග්ලාදේශ කණ්ඩායමයි.

ඒ අනුව ඉකුත් වසරේ ශූරයින් ලෙස මෙම තරගාවලියට පැමිණ සිටින ඉන්දියාව සහ බංග්ලාදේශය ලබන 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී තරග වැදීමට නියමිතය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest