slc
Home   |    News
සැප්තැම්බර් 27, 2019
ශ්‍රී ලංකාවට ලබන වසරේ සීමිත ඕවර තරගාවලියන් රැසක්

Sri Lanka Cricket

මීළග 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට හොදින් සූදානම්වීමේ අදහසින් ශ්‍රී ලංකාව ලබන වසරේදී 20-20 සහ එක්දින සීමිත ඕවර ජාත්‍යන්තර තරගාවලියන් රැසකටම එතෙරදී හා මෙතරදී සහභාගිවීමට නියමිතය.

මීළග 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ඔක්තෝබර් – නොවැම්බර් යන මාසයන්හිදී ඕස්ට්‍රේලියාවේදීය. ශ්‍රී ලංකාව මෙම ලෝක කුසලාන තරගාවලියට කළින්ම සූදානම්වීම ආරම්භ කළේ පසුගියදා මෙහි පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරග තුනක තරගාවලියෙනි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන වසරේ පෙබරවාරි මස මෙහිදී එක්දින තරග තුනකටත් 20-20 තරග දෙකකටත් සහභාගීවීමට නියමිත අතර දකුණු අප්‍රිකා පිල ලබන වසරේ ජුනි මස ශ්‍රී ලංකාවේදී එක්දින තරග තුනකට සහ 20-20 තුනකට සහභාගිවීමට නියමිතය.

මෙම සංචාරයන් දෙකට අමතරව ඉන්දීය කණ්ඩායම් ලබන වසරේ ජුනි- ජූලි කාලයන්හි මෙහිදී එක්දින තරග තුනතටත් 20-20 තරග තුනකටත් සහභාගිවන අතර සැප්තැම්බර් මාසයේදී පාකිස්තානයේ දී ආසියානු කුසලාන සීමිත ඕවර තරගාවලියද පැවැත්වීමට නියමිතය. කෙසේවුවද ආරක්ෂක හේතූන් මත පාකිස්තාන සංචාරය පමණත් ස්ථීර තත්ත්වයක නොපවතී.

මෙම සීමිත ඕවර තරගාවලියන්ට අමතරව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමද ලබන වසරේ ටෙස්ට් තරගාවලි තුනකට සහාභාගි වීමට නියමිතය. ටෙස්ට් තරගාවලි ආරම්භවන්නේ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත එකම ටෙස්ට් තරගයෙනි. ශ්‍රී ලංකාව අයර්ලන්තය සමග ටෙස්ට් තරගයකට සහභාගිවන ප්‍රථම අවස්ථාව මෙය වේ. මීට පෙර කණ්ඩායම් දෙක එක්දින තරග කිහිපයකටම සහභාගිවූ අතර ශ්‍රී ලංකාව මෙහිදී ජය ලැබීය. ශ්‍රී ලංකාව සහභාගි වන අනෙක් ටෙස්ට්  තරග වන්නේ මාර්තු මස එංගන්තය සමග මෙහි පැවැත්වෙන තරග දෙකක ටෙස්ට් ක්‍රිකට් තරගාවලියත් ජූලි – අගෝස්තු කාලයන්හි බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව්දී සහභාගිවන ටෙස්ට් ක්‍රිකට් තරග තුනත්ය.

ඉහත ටෙස්ට් තරග අතුරින් එංගලන්ත හා බංග්ලාදේශ තරගාවලියන් දෙක පමණක් ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියට අයත්ය.

මේ අතර මේ වසර අවසානයේ දෙසැම්බර්යේදී ශ්‍රී ලංකා ටෙස්ට් පිල ඩුබායි සහ අබුඩාබි නගරයන්හි පස්දින ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිතව සිටි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest