slc
Home   |    News
සැප්තැම්බර් 6, 2019
සිව් දින ටෙස්ට් තරගය විසඳුම් රහිත වෙයි

Sri Lanka Cricket

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ කොක්ස් බසාර්හි පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අද (06 දා) අවසන් විය. තරගයේ අසන් දිනය වූ අද (06 දා) දිනයේදීද තරගයට වර්ෂාව හරස් වූ බැවින් එකම පන්දුවක්හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ අනුව දෙරට අතර තරග 2 කින් සමන්විත සිව් දින ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණ වාර්තාවීමකින් තොරව හෙවත් 0-0 ක් ලෙසින් අවසන් විය.

මෙම තරගයේ පළමු දිනටද වර්ෂාව හරස් වීම නිසා එකම පන්දුවක් හෝ නොයවා අත හැර දමුණු නමුත් දෙවැනි සහ තෙවැනි දිනයන්හිදී පමණක් තරගය ප්‍රමාද වී ආරම්භ කිරීමට හැකි විය. කෙසේ වෙතත් එම දින 2 ඇතුළතදීම තරගය ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 66 ක් මණි.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (05 දා) සවස් යාමයේ තරගය නතර කරන විට සියපළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ නැගී එන පිතිකරුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 208 ක් රැස් කරගෙන සිටියහ. බංග්ලාදේශ පිල වෙනුවෙන් අෆීෆ් හුසෙන් නොදැවී ලකුණු 100 ක් සහ පළමු තරගයේ ශතකයක් ලද නජ්මුල් හුසේන් නොදැවී ලකුණු 88 ක් ලබා සිටියහ. බංග්ලාදේශ කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3 න් 2 කම හිමිකරුවා බවට පත්වීමට සමත්වූයේ ජෙහාන් ඩැනියෙල් පමණි.

බංග්ලාදේශ පිල පන්දුවාර 66 කදී 208/3 යි – (නජ්මුල් හුසේන් 88*, අෆීෆ් හුසේන් 100*, ජෙහාන් ඩැනියෙල් 28/2)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest