slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2019
ෆර්ගියුසන් ආබාධ මත 20-20 තරගාවලියෙන් ඉවතට

Sri Lanka Cricket

එංගලන්තයේ පැවැති පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පන්දු යවන්නන් අතුරින් කැපි පෙනුණු නවසීලන්ත වේගපන්දු යවන්නෙකු වන ලොකී ෆර්ගියුසන් දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරග තුනම ආබාධ මත අහිමිව තිබේ.

පුහුණුව ලබද්දී පන්දුවක් අතේ මහපට ඇගිල්ලේ වැදී එහි මැද පුරුකෙහි අස්ථියක් සුළු වශයෙන් පුපුරා යාමෙන් මොහු ආබාධයට ළක්විය. එක්ස්රේ ඡායාරූප මගින් ඔහුගේ ආබාධය සනාථ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුට සති 4-6 ක කාලයක් ක්‍රිකට් තරග අහිමි වන බවය.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දි මොහු කඩුලු 21ක් ලබා දස්කම් පෑ අතර වැඩිම කඩුලු ලැබූ දෙවැන්නා බවට පත්විය. කෙසේවුවද ෆර්ගියුසන්ගේ ආබාධය ඉක්මනින් සුවවී නොවැම්බර් මස පළවැනිදා ආරම්භවීමට නියමිත එංගලන්ත – නවසීලන්ත තරග පහකින් සමන්විත 20-20 තරගාවලියට මේ ක්‍රීඩකයා ක්‍රීඩා කිරීමට නියමිතය. වෛද්‍යවරු මොහුගේ එම යෝග්‍ය තත්ත්වයද සනාථ කර තිබේ.

          නවසීලන්ත 20-20 නායක ටිම් සවුදි ඇතුළු වේග පන්දු යවන්නන් තිදෙනෙකු ශ්‍රී ලංකාවේ දැන් පැවැත්වෙන 20-20 තරගාවලියට අයත් වන අතර ෆර්ගියුසන් වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ඊට අයත් නොවේ. වෙනත් ක්‍රීඩකයෙකු ගෙන්වා නොගැනීමටද ඔවුන් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා – නවසීලන්ත මීළග 20-20 තරග දෙක අඟහරුවාදා හා සිකුරාදා පැවැත්වේ.

  • දක්ෂ ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු බව දැන් ලොවම දන්නවා

කුසල් මෙන්ඩිස් කියයි.

ශ්‍රී ලංකාව සතුව දැන් නැවතත් දක්ෂම ක්‍රිකට් කණ්ඩායමක් සිටින බව ලොවම දන්නා කරුණක් බව කුසල් මෙන්ඩිස් ප්‍රකාශකරයි. මීළග ලෝක කුසලාන (20-20) තරගාවලියට (වසර 2020) පෙර අපට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 18කට සහභාගිවීමට තිබෙනවා. මේ නිසා අපට හොඳම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. දැන් මේ කණ්ඩායමට ඇතුලු වීමට දක්ෂයන් රැසක්ම එළියේ සිටිනවා. අපට අවශ්‍යයත් එයයි. එවිට හොද කණ්ඩායමක් සාදාගන්නා පුළුවන්යැයි මෙන්ඩිස් ශ්‍රී ලංකා – නවසීලන්ත ප්‍රථම 20-20 තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.

මා හට අංක 1 සිට 4 දක්වා ඕනෑම තැනක ක්‍රීඩා කළහැකියි. ප්‍රථම 20-20 තරගයේ දී මට නායකයා හා කළමණාකරුවන් කීවා ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන්න කියා. මා කුසල් ජනිත් සමග ප්‍රථම කඩුල්ලටත් දික්වැල්ල සමග තෙවන කඩුල්ලටත් හොද සබදතා පැවැත්වුවා. අපට දැන් පළපුරු ක්‍රීඩකයෝ අඩුයි. එත් ඉක්මණින්ම අප යථා තත්ත්වයට පත්වනවා යැයි මෙන්ඩිස් කීවේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee